- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
කාන්තාවන් සහ ළමයින් පිළිබද ඇතැම් සිදුවීම් විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පලකළා.
පවතින ගුරු- විදුහල්පති හිගයට කඩිනමින් විසදුම් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඉදිරිය සතිය තුළ ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ. නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළා. ගුරු- විදුහල්පති හිගය පිළිබද පළාත් මට්ටමින්ද සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.
අද දිනය තුළ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් පොලිස්පතිධුරයේ වැඩ බැලීම සදහා මාස තුනක කාලයක් සදහා අයෙකු පත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිව අද වනවිට සති දෙකක කාලයක් ගත වී තිබෙනවා.
රටේ දේශපාලන බලය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා. මීළග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බිහිවන බවයි එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ , සාගර කාරියවසම් සහ තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුවන් මෙලෙස අදහස් පලකළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා පවත්වමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ.…
තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද ප්‍රථමයෙන් හඳුන්වා දීමට යෝජිත බදු බව සඳහන්. රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මෙසේ බදු වර්ග කිහිපයක් හදුන්වා දී තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. එමෙන්ම වැට් බදු නිදහස ලබා දී තිබූ ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ද නවාත වරක් වැට් බද්ද පනවනු ඇතැයි වාර්තවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදුන් උපදෙස් මත වියදම් අඩුකොට ආදායම් අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා මෙසේ බදු පනවන බවයි වාර්තා වී ඇත්තේ.
තේ අපනයනයේදී අය කරනු ලබන සෙස් බද්ද සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක් ලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසයි අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ. එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි. නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.
අස්වැසුම සමාජ සුබ සාධන වැඩසටහනට අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනය ඇතුලත අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන ලෙසයි රජය දැනුම් දෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පලකළා. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට අස්වැසුම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 35ක් සහ විරෝධතා එකලොස්දහසක් ලැබී ඇති බවයි. ඉදිරි වසර සදහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී අයදුම්පත් කැදවීමට නියමිතව තිබෙනවා. මේ අතර සමෘර්ධි වෘත්තිය සමති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුම මහතා ද අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පලකළා.
ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයේ අයත් ගුවන් යානයකින් ඔවුන් අද උදෑසන දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සදහන් කළේ. පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී පාකිස්ථානය සමග ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු 26ක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222