Author: Anura Premakumara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතවනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ස්ථාපිත කර වසර 75ක් සපිරිමේ සංවත්සරය මෙම වසරේදී පැවැත්වෙන පසුබිමකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ. මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රවුපදි මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමුවීමට නියමිතයි. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබද සාකච්ඡා කරනු ඇති. දෙරට අතර දීර්ඝකාලීන සබදතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ .

තව කියවන්​න

දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනයන්ට ලක් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ද ඔහු අවධාරණය කළා. උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ.  

තව කියවන්​න

බතලගොඩ වී පර්යේෂණ ආයතනය අද සහ හෙට ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිජනන මධ්‍යස්ථාන භූමිය ජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජනතාවට මෙහිදී අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවයි . මේ අතර ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

තව කියවන්​න

දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ  ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අවංක මහජන නියෝජිතයෙක් නම් දුෂණ විරෝධි පනත තුන්වර කියවීමේ අවස්ථාවේ විරුද්ධ විය නොහැකි බවයි. අමාත්‍යවරයා මේ පිලිබදව අදහස්  පළකලේ තිස් තුන්වන ජාතික සමථ දින සැමරුම් උත්සවය වෙනුවෙන් වු විශේෂ සැමරුම්ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  සහභාගී වෙමිනි. දැනට ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුල සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු…

තව කියවන්​න

සරම්ප වැළදීම පාලන කිරීම සදහා ලබා දෙන එන්නත ගර්භණී මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. යම් කිසි හේතුවක් මත අදාළ එන්නත ලබා නොගැනීම මගින් ගර්භණී අවස්ථාවේදී මවට සරම්ප වැළදීමෙන් එය දරුවාට ද සම්ප්‍රේෂණය විය හැකි බව ඔහු කියා සිටියා. මේ තුළින් මොළය තුළ විවිධ ආබාධ හටගැනීම්, මන්ද පෝෂණ තත්ත්වයන් හට ගැනීම ආදි භයානක රෝගාබාධවලට ගොදුරු විය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය නගරයේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙනඩි පාරේ අවිධිමත් ජනාවාස හරහා ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. තවත් සිරුරු තිබිය හැකි බවට විශ්වාස කරන බව ද එරට බලධාරීන් පවසනවා. කෙසේ වෙතත්, සිද්ධිය ඇසින් දුටු පිරිස පවසන්නේ මත්පැන් පානය කර සිටි දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් මෙයට හේතු වූ බවයි. පැල්පත් 1000 ක් පමණ විනාශ වී ඇති බවත් මිනිසුන් 3,000 කට පමණ නිවාස අහිමි වී ඇති බවත් දකුණු අප්‍රිකානු රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී…

තව කියවන්​න

පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණ හේතුවෙන් සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වුණා. අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දීම සදහා පත් කරන පංච පුද්ගල කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද දින නම් කිරීමට නියමිතයි. ඖෂධ පිළිබදව මෙන්ම ආසාත්මිකතා සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති මහාචාර්යවරුන් ඇතු`ඵ පස් දෙනෙකුගෙන් මෙම විද්වත් කමිටුව සමන්විය යුතු බවටයි සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ. මෑත කාලයේ රජයේ රෝහල්වල සිදු වූ මතභේදයට තුඩු දුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර ඇමතිවරයාට ඔවුන් වාර්තාවක් ලබා දීමට කටයුතු කළ යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා…

තව කියවන්​න

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 4X400 කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් අද සමත් වූවා. මීටර් 4×400 කාන්තා තරගයෙන් රිදී පදක්කමත් පිරිමි තරගයෙන් රන් පදක්කමත් දිනා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වූයේ. කාන්තා තරගය සඳහා නදීෂා රාමනායක, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, නිෂේන්ද්‍රා හර්ෂනී ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න සහභාගි වූවා. රිදී පදක්කම දිනා ගනිමින් ඔවුන් සටහන් කළ කාලය විනාඩි 3.33.27කි. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වියට්නාම කණ්ඩායම සමත් වූ අතර ඔවුන් වාර්තා කළ කාලය විනාඩි 3.32.36කි. මේ අතර 4×400 පිරිමි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, රජිත නෙරන්ජන් රාජකරුණා, කෞෂික කේෂාන්  සහ…

තව කියවන්​න

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද(16) සමත් වූවා ඒ මේ දිනවලට පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීයි. තරුෂි මීටර් 800 තරගය අද(16) දිනයේදී විනාඩි 2.00.66ක කාලයකින් නිමාවට පත් කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින්. එසේම මීටර් 800 කාන්තා තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි. ඒ ගයන්තිකා අබේරත්න විසිනි. –

තව කියවන්​න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා . එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර අත්තේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් සහනදායි විදුලි බිලක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවයි. ඒ සදහා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගත හැකි බවද විපක්ෂනයකවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා . ආගමික සිද්ධස්ථාන මේ අයුරින් පිඩාවට පත් කිරීම සම්බන්ධව බලවත් විරෝධය පළ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සදහන් . මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. දළඳා…

තව කියවන්​න