- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඊට අදාළ නඩුව ඊයේ දිනයේදී යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථය නතර කරන ලෙසට දැනුම් දීමේදී පොලිස් නිලධාරීන්ට එම ත්‍රීරෝද රථයේ පැමිණි පුද්ගලයන් වෙඩි තබා ඇති අතර, ඒ අනුව පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ මෙම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 21,453 දෙනෙකු වාර්තාවී ඇති බවය ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. 4,608 ක් වන වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම ඒකකය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 02 ක් ඩෙංගු අධි අවදානම් මට්ටමේ පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කරනවා. මෙම සහල් තොග ලෝක ආහාර සංවිධාන මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ බව සඳහන්. අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
දියතලාව, ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ. අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු මෙම රිය අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.
විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක් සම්බන්දයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ. ඒ අනුව අද උදෑසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව පළමු ආසන 86න් ආසන 66ක් මහජන ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ දිනයේදී පැවැත් වුණා.
පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු යන පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බැංගලූරු කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා. එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 222ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222