Author: Anura Premakumara

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ . මෙම සිදු වීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා . කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි . මෙම බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා .

තව කියවන්​න

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් ඕමාන ඒ කණ්ඩායම පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන ඒ කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 42 ක් පමණයි.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි. එමෙන්ම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාව සහ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද 02ට රැස්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්. එහිදී ධනංජයද සිල්වා ලකුණු 122ක් රැස් කළා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 461ක්. එහිදී හුදෙකලා සටනක නිරත වෙමින් සවුද් ශකීල් නොදැවී ලකුණු 208ක් රැස්…

තව කියවන්​න

උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර මුහුදට බැලැස්ටින් මිසයිල දෙකක් දියත් කර ඇති බව ජපානය සහ දකුණු කොරියාව සදහන් කර තිබෙනවා. ඇමරිකාවේ බැලැස්ටික් මිසයිල සහිත සබ්මැරීනයක් දකුණු කොරියාවේ වරායකට පැමිණ පැය කිහිපයකට පසුව මෙම බැලැස්ටික් මිසයිල දෙක දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී මෙම මිසයිල දෙක ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටතට වැටී ඇති බවද ජපාන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

තව කියවන්​න

විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. මෙහිදී ඒකක 15ත් 20 අතර පාවිච්චි කරන ජල පාර්භෝගිකයන්ට සහ සමෘද්ධිලාභීන්ට මෙමගින් බලපෑමක් නොවන බවද අමාත්‍යවරයා සදහන් කළා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. ජල ගාස්තුව ඉහළ දැමීමේ සැලැස්ම විපක්ෂනායක කාර්යාලය වෙත යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර ජල ගාස්තුව වැඩි කිරීම ගැන පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අද රැස්වෙන බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා වැඩිදුරටත් සදන්…

තව කියවන්​න

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිව ගත් බවයි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විශ්වාසබංග යෝජනාවක් ගෙන ඒමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළ බවද ඒ මහතා සදහන් කළා.

තව කියවන්​න

විෂ මත්ද්‍රව්‍ය භවිතා කරමින් රිය ධාවනය කරන බස් රියදුරුන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා . මේ වන විට එවැනි රියදුරන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සදහන් කලේ . මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ .

තව කියවන්​න

ඉතිහාසයේ පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ දී වර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා. කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා. රෝහලේ ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් දිගින් දිගටම කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ. අද දිනයේ සිදුකරන මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවද රජයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

තව කියවන්​න