Author: Anura Premakumara

ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව එහි සියලුම සේවකයින් විරුද්ධ බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා. එම ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි ජාතික එකමුතුව පැවසුවේ. එම සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස කෝටි 5000 ක් බැර කර ඇති බවද ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සදහන් කළා. ඒ හේතුවෙන් එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම කාලෝචිත නොවන බව සදහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

තව කියවන්​න

පාන් පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පිටි ආනයන සමාගම් 2 ක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීම හේතුවෙන් බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සෑම ජනාධිපතිවරණයකටම පිටි සමාගම් මුදල් රැස් කරන බවයි. එමෙන්ම තිරිඟු පිටි ආනයනය සදහා බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම් දෙකක් අධික ලාභයක් ලබන බව ද ඔහු සදහන් කළා. අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ තිරිගු පිටි ආනයනය කළහොත් රුපියල් 160 ක මිලකට පිටි කිලෝවක් වෙළදපොලෙහි අලෙවි කළ හැකි බවයි. ඉන් ආණ්ඩුවට ද ආදායමක් ලැබෙන බව ඔහු සදහන් කළා. එමෙන්ම මේ වන විට ලෝක වෙළදපොලේ තිරිගු පිටි මිල පහළ ගොස්…

තව කියවන්​න

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදියි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

තව කියවන්​න

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් පවසා තිබෙනවා. ඔහු සදහන් කරන්නේ ෆෙඩරල් පරීක්ෂණ කණ්ඩායමක් විසින් තමාව අත්අඩංගුවට ගැනීමට ඉඩ කඩ පවතින බවයි. 2021 ජනවාරි 6 වන දා කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කලබලකාරි සිද්ධියට සහ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට එරෙහිව තමාට චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බව ඔහු පවසනවා. මේ අතර 2024 අමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

ශ්‍රී දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අඛණ්ඩව විදුලිය සැපයිම සදහා ලංකා විදුලිබල මණ්ඩලය එක්කෝටි තිස් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස පසුගියදා දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය විසින් දරනු ලැබුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉන් කොටසක් ශ්‍රී දළදා මාලිගාව මගින් දැරිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

තව කියවන්​න

මස්කෙලිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාරදීමට එම වතුයායේ වතු කම්කරුවන් 17 වනදා පියවර ගෙන තිබුණා. මාසයක් පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනා තේ වත්තේ ආරක්ෂිත ස්ථානයකට මව විසින් ගෙනවිත් දමා මව ගොදුරු සෙවීමට ගොස් සිටි අවස්ථාවක තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කඳුකර කොටි පැටවුන් දෙදෙනා දැක ඒ බව වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි තිබෙනවා. තම භාරයේ සිටින කඳුකර කොටි පැටවුන් දෙදෙනා මව වෙත භාරදීම සඳහා කොටි පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත මව වෙත භාරදිම සදහා අවශ්‍ය පියවර…

තව කියවන්​න

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. වෛද්‍යවරුන් සමග සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් පසුව මෙහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ඔහු පැවසුවේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණා. එහි මාධ්‍ය ප්‍රකාශයක චමිල් විජේසිංහ මහතා සදහන් කළේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කිරීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ අදාළ විශේෂඥ වෛද්‍යවරිය පත් කර ඇත්තේ රාජ්‍ය සේවා…

තව කියවන්​න

වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද අලුයම අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා. මස්කෙලිය සිට නානුඔය දක්වා ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ කොටගල සිට හැටන් දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. කොටගල සිට හැටන් දක්වා ධාවනය වු කුඩා වෑන් රථය  අද අලුයම කොටගල ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා. කුඩා වෑන් රථය ධාවනය කල රියදුරා බිමත්ව සිට ඇති බවත්, එම රියදුරා අනතුර සිදු විමත් සමග පලාගොස් ඇති බවයි දිඹුල පතන…

තව කියවන්​න

වගා ලිදක් හාරන මුවාවෙන් නිදන් වස්තු සෙවූ පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල ගල්එළිය රුහුණු ගම  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අර ගම්වල පොලිසිය පවසනවා. ඊයේ සවස් වරුවේ අරලගංවිල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී වතුර මෝටරයක් ,පූජා භාණ්ඩ, යකඩ ඉනි ,උදලුතල ඇතුළු ආයුධ තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් ගල්තලාව අරලගන්විල යන ප්‍රදේශවල පදිංචි 42 සහ 53 හැවිරිදි වයස්වල පසුවන්න්න්නන්. ඔවුන් අද  මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . මේ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා .

තව කියවන්​න

තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කළ බව ප්‍රීමා සමාගම නිවේදනය කලා. ඒ අනුව පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගියා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීම හේතුවෙන් යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

තව කියවන්​න