- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Anura Premakumara
2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.
පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේවලදී ඔහු කියා සිටියේ තමා සිරභාරයෙන් පළා ආ බවයි. මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා ඇති බව පසුව අනවරණය වූ බව පොලීසිය පැවසුුුවා. සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අති ගෞරවණීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අති ගෞරවණීය මහා සංඝරත්නය සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවා. ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන තිබෙන අතර,අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම…
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි අස්වැසුම් ප්‍රතිලාභින් අද දින එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින බව වාර්තා වුණා . අස්වැසුම ප්‍රතිලාභින්ට ඔහුන් කැමති බැංකුවක බැංකු ගිණුමක් ආරම්භ කිරිම සදහා නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගි් නිකුත් කරනු ලබන අස්වැසුම් ප්‍රතිලාභි ලිපිය ලබා ගැනිම සදහා විශාල පිරිසක් දිගු පොලිම් වල රැදි සිටියා. පොලිම් වල රැදි සිටි පිරිසට පරිබාහිරව පිරිසක් එම ලිපිය ලබා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුලට පිවිසිමට උත්සහ කිරිමේදි ප්‍රතිලාභින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුුුණා. පිරිස පාලනය කිරිම සදහා නොර්වුඩ් පොලිසියේ නිලධාරින් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයට යොදවා තිබුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර දහ නවයක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය පනස්හතකට අධික තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු…
ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිා . මෙම තරගාවලිය මේ මස 07 වන දින සිට 17 වන දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර රටවල් 106 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා . මෙම තරගාවලියේ දී ටී.46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ ටී.44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගත්තා. මොවුන් අද උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්…
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රසායනාගාර සේවා කටයුතු පවත්වාගෙන යාමට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ. රසායනාගාර සේවා කටයුතුවලට ඇතැම් නිලධාරින් සිදු කරන අනවශ්‍ය මැදිහත්වීම් ඇතු`ඵ ගැටලු 5 කට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි පසුගියදා කෝටි ගණනක සොරකමක් සිදුව ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ ගැන ප්‍රකාශ කළා.
රෝගින් මිය යාමට වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පැවැත්වුණා. දින 7 ක් ස්ථාන 7 කදී මෙය පැවැත් වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් රට දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ද සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
දූෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් අද(19) පැවැත්වෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව පාර්ලිමේන්තුවේදී අද(19) සිදු කිරීමට නියමිතයි. ඒ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කර සිටියා. “අල්ලස සහ දුෂණය අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බව සියලු දෙනා අදහස් පළ කරනවා. නමුත් කිසිම කෙනෙක් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමක් සිදු කළේ නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තිය අනුව යමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222