Author: Anura Premakumara

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. චෝදනා එල්ල වූ විශේෂඥ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබා දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26 ක් ලෙස සටහන් වූවා. විකුණුම් මිල සටහන් වූ‌යේ ශ්‍රී ලංකා රුපියල් 328.92 ක් ලෙසයි.

තව කියවන්​න

ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ප්‍රසංශනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සදහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ් ප්‍රකාශ කර තිබෙනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාව දැනුවත් කරමින් මෙම ක්‍රියාවලිය වෙනසකට ලක් නොකර පවත්වාගෙන යන බවට තමන් විශ්වාස කරන බවයි. බලාපොරොත්තු නොවූ අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටීම හේතුවෙන් අපහසු තීන්දු තීරණවලට එළඹීමට සිදු වන බව ද ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියා. මෙම කාලය දේශපාලනය කිරීමේ කාලයක් නොව නිවැරදි ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කළ යුතු කාලයක් ලෙසටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.…

තව කියවන්​න

ඉන්දියාව හා මෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසනවා. දෙරට අතර බෞද්ධ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සදහා ඉන්දීය රජය විසින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පසුගිය වසරේ මාර්තු 28 වන දින අවබෝධතා ගිවිසුමකට එළඹුනා. මේ අනුව අදාළ ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන හා පිරිවෙන් සදහා සූර්්‍යබල විදුලි පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කිරීමට දෙපාර්ශවයම එකග වී ඇති බව සදහන්.

තව කියවන්​න

තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25 ක පමණ වගාවන්ට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

එල්සැල්වදෝරයේ පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව සඳහන්. භූකම්පනයෙ බලපෑමෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් ක.

තව කියවන්​න

 කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් , සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද  උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ ආරම්භ කර තිබෙනවා .  මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රගතිශීලී සේවක සංගමය , ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී තිබුණා .  ඔවුන් මුළින්ම කටුනායක  ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණියා .  ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන…

තව කියවන්​න

මෙම වසර තුළ සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය සහ මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

තව කියවන්​න

දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක්  පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම  හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා. දියතලාව  පොලිසියට අනුයුක්තව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් යතුරු පැදියක් මෙසේ  රැගෙන ගොස් ගිනි තබා තිබුණා. රාත්‍රී අමුත්තන්ගේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් තීරෝද රථයක් දියතලාව  නගරයේ දී අත්අඩංගුවට ගෙන  එම ත්‍රී රෝද රථය පදවා ගෙන උප පොලිස් පරීක්ෂක වරයා පොලිසියට රැගෙන ගොස් ඇති අතර උප පොලිස් පරීක්ෂක වරයාගේ යතුරුපැදිය  එම ස්ථානයකම නවතා ගොස් තිබෙනවා. පසුව නැවත ගොස් යතුරු පැදිය ගෙන ඒමට ගියද එම ස්ථානයේ නොතිබීම නිසා සොයා බැලීමේදී…

තව කියවන්​න

චීන විදේශ අමාත්‍ය චින් ගන්ග් දින කිහිපයක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී සිට නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දුන්නේ, 57 හැවිරිදි අමාත්‍යවරයා ජූනි 25 වන දායින් පසු දින 23ක් තිස්සේ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති  බවයි. ඉකුත් දෙසැම්බර් මාසයේ විදේශ අමාත්‍ය ධූරයට පත් වූ ඔහු චීන ජනාධිපති ෂී ජින්පිංග්ගේ විශ්වාසවන්ත සමීපතමයෙකු ලෙස සැලකේ. චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන ඔහු දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම රාජ්‍ය තාන්ත්‍රිකයින්, චීන නිරීක්ෂකයින් අතර මෙන් ම සාමාන්‍ය චීන ජනතාව අතර ද අවධානයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය චීන විදේශ අමාත්‍යංශයෙන් කළ විමසීකමදී එහි මාධ්‍ය ප්‍රකාශක…

තව කියවන්​න