- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Anura Premakumara
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළා. රෝගී වු අලි ඇතුන් සදහා ප්‍රථිකාර කිරිමට අවශ්‍ය පහසුකම් රටතුළ පවතින බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි. සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ජයග්‍රාහී ලකුණු 131ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 48ක් ලබා සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රීලංකාව සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම පාකිස්තානය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 416ක් රැස් කළා. අනතුරු සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළ අතර, ඒ අනුවයි පාකිස්තානයට ජයග්‍රහණය සදහා ලකුණු 131ක ඉලක්කයක් හිමි වුණේ. පාකිස්තාන…
මධ්‍යම කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට දේශපාලඥයන් 5දෙනෙකු සහ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරට හේතුව පිළිබඳ මේ වන විට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගුවන් යානය කොලොම්බියාවේ විලිවිසෙන්චියෝ සිට බොගෝටා වෙත ගමන් අතරතුර මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති දේශපාලඥයන් 05 දෙනා කොලොම්බියාවේ හිටපු ජනාධිපති අල්වා උරයිරීබාගේ දක්ෂිණාංශික ඩිමොක්‍රොටිකෝ පක්ෂයේ සමාජිකයන් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහායි කාලය වෙන් කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉන්පසු අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු යුරෝපා කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සහනය තවත් වසර 4කින් දීර්ඝ කිරීමටයි. ඒ අනුව 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා මෙරටට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කෙරෙනු ඇති. යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබු ජී.එස්.පී ප්ලස් බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වනදායි අවසන් වීමට නියමිතව තිබුණා.
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. වෛද්‍යවරයා පැවසුවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබද කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි. අදාළ එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ එන්නත් බව ද වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කළා. ඒ අනුව එම එන්නත් දරුවන්ට ලබා දීම සදහා දෙමාපියන් කටයුතු කළ යුතු බවයි වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ.
රට තුළ මතුවු ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමිවුවන් යළි රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පැවසුවේ ඒ සදහා ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් මතයි අදාළ කමිටුව පත්කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියා. එම අවස්ථාවේ මෙම කමිටුව පත්කර ඇති අතර ඒ සදහා අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ඇතුලත් කර තිබෙනවා.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සක්‍රීය තත්ත්වය හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට එයින් දන්වා ඇත්තේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා . අනතුරෙන් පොලිස් නිලධාරියෙකු සහ ග්‍රාම ආරක්ෂකයින් පස් දෙනෙකුද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ . විදෙස් වාර්තා පවසන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කර ඇති බව සදහන්.
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු මරණ සංඛ්‍යාව 36 ක් . මේ අතර, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ සංඛ්‍යාව යළිත් 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා . වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,700 ක් බවද සදහන් . ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 26,702 ක් බවටයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222