Author: Anura Premakumara

2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව රජයේ අනුමත සහ බැංකු නිවාඩු 25 ක් පවතිනවා. ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13 වන සෙනසුරාදාට යෙදී ඇති අතර, පරණ අවුරුද්ද සිකුරාදාට යෙදී තිබෙනවා.

තව කියවන්​න

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම කර තිබෙනවා. ඒ අනුව නඩුව ලබන වසරේ මැයි 20 වැනිදා ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේදී නඩුව විභාගයට ගනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ද තරඟ කිරිමට ඉදිරිපත්වී සිටිනවා.

තව කියවන්​න

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප අයොජකයින්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. නිවාස සහා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අනුරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප 24ක් මේ වන විට හදුනාගෙන ඇති බවයි. රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පිරිදි එම සංචාරක කලාප ආයෝජකයින්ට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප අයෝජකයින්ට ලබා දෙනු ඇති.

තව කියවන්​න

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුද ආධාර පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊට කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල සහ ගොඩබිම් වාහන, යුද ටැංකිනාශක ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙම ආධාර පැකේජයට පොකුරු බෝම්බ ඇතුළත් නොවන බව සඳහන්.

තව කියවන්​න

වව්නියාව ප්‍රදේශයේ පොල්කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් ම විනාශ වි ඇති බවයි අප වව්නියාව වාර්තාකරු සදහන් කළේ. කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවලට ගින්න ව්‍යාප්ත වී තිබෙනවා. මේ වන විට ගින්න මැඩපැවැත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 07කට වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ දක්වා විදෙස් සංචාරකයින් හත් ලක්ෂ දාහතර දහස් පන්සිය අනු අට දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. මේ මාසයේ ගෙවුණු දින 20 තුළ අසුනව දහසක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් ඉන්දිය සංචාරකයි වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

තව කියවන්​න

වව්නියාව නැදුන්කේනි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නැදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

කළුතර අගුරුවාතොට ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

මනම්පිටිය කොටලීය පාලම පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සදහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා. පසුගියදා බස් රථයක් මනම්පිටිය කොටලීය පාලස අසල ඔයට පෙරලිමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කෙසේ වුවද මෙම මාරාන්තික ස්ථානය අමාත්‍ය ආචාරය බන්දුල ගුණවර්ධන මහතා අද නිරීක්ෂණය කළා. පාලම නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාව මත පදනම් අදාළ නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කළ බවයි අධ්‍යක්ෂවරයා සදහන් කළේ. මෙලෙස ඉවත් කිරීමට පියවරගත් ඖෂධ කාණ්ඩ දෙක වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව එම ඖෂධය රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ප්‍රමිතීන්ට අනුව සැමවිටම ඖෂධ ආනයනය සිදුකෙරෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.

තව කියවන්​න