- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනත් ආයතනයක් බවට පත්කරන බවයි. එමගින් තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජන සොයාගැනිම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ නැවත වරක් ප්‍රතික්ෂේප කළා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණයි. නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශයද එම සභාව පසුගිය 18 වැනිදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ මේ වන විට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙලෙස රාජකාරී කටයුතු වලින් ඉවත් වන බවයි. ගමන් වියදම් දිමනාව , ඉන්ධන වියදම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමුවන බව ද නන්දන රණසිංහ මහතා සදහන් කළා.
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. a චීනයේ බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මෙහිදී ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා දෙපාර්ශවය විසින් අවසන් එකගතාවකට පැමිණ තිබෙනවා. අදාළ ගිවිසුමට අත්සත් තැබීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා , මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එක්ව සිටියා.
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අද දිනය තුළ ද වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ඊයේ සිය උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන්ට විරෝධය දැක්වීම සදහා අද වැඩවර්ජනයක නිරත වන බවයි. ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වු ගුරු- විදුහල්පති වෘත්තිය සමිති කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී පොලිසිය විසින් ඊට එක්ව සිටි පිරිස් විසුරුවා හැරීම සදහා අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඇතැම් පාර්ශව බලය ලබා ගැනිමට වෙහෙස වන මොහොතක තමන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ නිවරදි තීන්දු තීරණ මගින් රටට දීප්තිමත් අනාගතයක් උදාකර දිය හැකි බවයි.
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසැල් සිසුවකුට විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකු බවයි සඳහන් වන්නේ. සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වයරයක ඇති වූ දෝශයක් සැකසීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවේ එම සිසුවා මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළා. විදුලි සැර වැදීමෙන් අනතුරටපත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටුයුතු කර තිබෙනවා. එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට රෝහලේ වෛද්‍යවරුන් පියවර…
කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ගස කඩාවැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කිලිනොච්චිය, මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ 09 මාර්ගයේ යපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ බස් රථයක් ආපදාවකට ලක්ව අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවක පිටුපසින් පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙම අනතුරින් බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකු කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ජූලි 6 වැනිදා සිට ආරම්භ වන පන්දුවාර විස්සයි 20 තරගාවලිය සදහා තරග 5ක් ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අයි.පී.එල් පිටියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් වන අභිෂේක් ෂර්මා, නිටිෂ් කුමාර්, රියාන් පරාග් හා තුෂාර් දේශ්පන්ඩේ පළමු වරට ජාතික සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් මෙම සංචිතයට නම් කර ඇත්තේ සංජු සැම්සන් හා යශස්වි ජයිස්වාල් පමණයි. ලෝක කුසලාන සංචිතයට ඇතුළත් සෙසු සියලු ක්‍රීඩකයින් මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222