Author: Anura Premakumara

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය ඒ කණ්ඩායම පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 352 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

තව කියවන්​න

පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි. පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා. මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.

තව කියවන්​න

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කවුර් හට සිය තරග ගාස්තුවෙන් සියයට 75 දඩයක් සහ දඬුවම් ලකුණු හතරක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඇය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී පෙන්නුම් කළ ආවේගශීලී හැසිරීම් සහ විනිසුරුවන්ට එල්ල කළ වාග් ප්‍රහාර නිසාවෙනුයි. එම වරද පිළිබඳ සිදු කළ විමර්ශනවලින් පසුව තරග තීරකවරයා එය දෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස ලැයිස්තු ගත කර තිබුණා.

තව කියවන්​න

මාතර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර වලට අදාල අමුද්‍රව්‍ය ගබඩාකර තිබූ ගබඩා කාමරයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, ගබඩා කාමරයේ තිබූ අමුද්‍රව්‍ය වලට පමණක් හානි සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. ගින්න හටගත් අවස්ථාවේ ලැබුණු තොරතුරක් මත මාතර පොලීසිය, මාතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමග එක්ව ගින්න මැඩ පැවැතිවීමට කටයුතු කළ බවද පොලීසිය සදහන් කළා.

තව කියවන්​න

රත්නපුර ලෙල්ලොපිටිය වැළිමලුව ප්‍රදේශයේ පිහිටි ස්ප්‍රිං විව් නමැති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද(23) අලුයම් කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න තේ කර්මාන්ත ශාලාව පුරාම පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක්ද විනාශ වී තිබෙනවා. මේ අතර මෙම තේ කර්මාන්ත ශාලාව ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් එකක් බවයි වාර්තා වන්නේ. ගින්න හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

තව කියවන්​න

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ අද (23) අලුයම අදාළ නිවසට කඩා වැදුණු කණ්ඩායමක් නිවසේ පිරිස තියුණු ආයුධවලින් කපා දමා අනතුරුව, නිවැසියන් නිවස තුළට ගිය අවස්ථාවක නිවසට ගිනි තබා ඇති බවයි. සිද්ධියෙන් 22 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය කාන්තාවගේ දරුවා වන වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු තුවාල ලබා…

තව කියවන්​න

කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාලවල සේවය කරන කාන්තාවන් බවයි. එම සේවිකාවන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු ව සිටින බවයි පොලිසිය කියා සිටියේ. ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය පවසනවා. පොලිසිය…

තව කියවන්​න

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී සහ අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසිනුයි එම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ. එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අදාළ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

සියලු ණය පොලී අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී සියලුම බැංකු වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහා බැංකුව සඳහන් කරන්නේ ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත අඩු කල යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිලිබදව වාණිජ බැංකු ප්‍රධානීන් වෙත පිටපත් සහිතව ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේනම් හෝ ඒ සඳහා ප්‍රමාද වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහබැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි එම ලිපිය මගින් අවාධාරණය කර ඇත්තේ.

තව කියවන්​න

බෞද්ධ ආගමික සිද්ධස්ථාන සඳහා රජයේ වියදමින් විදුලි බිල ගෙවන්නේනම් ආනෙකුත් සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතු බව පුජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ බෞද්ධ ආගමික ස්ථාන වල විදුලි බිල රජය විසින් ගෙවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවයි. නමුත් එවන් අවශ්‍යතාවක් නොමැති බවත් එම මුදල් රටෙ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වැය කල යුතු බවයි උන්වහන්සේ සඳහන් කලේ.

තව කියවන්​න