Author: Anura Premakumara

රජයේ මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි රජයේ මිනින්දෝරු සංගමය පැවසුවේ. එහි සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසුවේ තම ගැට`ඵවලට මේ වන විටත් සාකච්ඡාවක් ලබා දීමට බලධාරින් අපොහොසත් වී ඇති බවටයි.

තව කියවන්​න

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්. ඒ අනුව උසස් පෙළ ගණිතය සහ විද්‍යාව විෂයධාරා සදහා විදේශිය භාෂා විෂයන් මෙන්ම තාක්ෂණික විෂය ධාරාව සදහා මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති. පළාත් මට්ටමින් මේ යටතේ 5450 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. වයස අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපාධිධාරින්ට මේ සදහා ඉදිරිපත් විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. එම අමාත්‍යාංශය පැවසුවේ විභාගය සදහා අයදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපයේදී සිදු කෙරෙන බවයි.

තව කියවන්​න

අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෙළදපොලේ අද උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට පෙරේදා සදහන් කර තිබුණා. කෙසේ වෙතත් අධිකරණය විසින් නියෝග කර තිබුණේ එම උද්ඝෝෂණය නොපවත්වන ලෙසටයි. අධිකරණය ලබා දුන් එම නියෝගය කඩ කරමින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. පෑලියගොඩ මැනිං වෙළදපොලේ වෙළද කුටි බාහිර පුද්ගලයින්ට ලබා දෙන බවට චෝදනා කරමින් එම විරෝධය පවත්වා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පත් කර තිබෙනවා. වසර 3 ක කාලයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. එමෙන්ම මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළා.

තව කියවන්​න

2023 සහ 2024 තරග වාරයට අදාළව ඉන්දියාවේ පැවැත්වෙන පිරිමි ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ ඉන්දීය කණ්ඩායම එළඹෙන දේශීය තරග වාරයේ දී ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි. ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ඔස්ටේ‍රලියාවට එරෙහිව එක්දින තරග 3කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමගම වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන මහත්මිය පැවසුවේ.

තව කියවන්​න

ග්‍රීසියේ ගිනි නිවීම සදහා යොදාගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ග්‍රීසියේ පැතිර යන ලැව් ගිනි නිවා දැමීම සදහා කටයුතු කරමින් සිටියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි ගුවන් නියමුවෙකු සහ 27 හැවිරිදි සහය නියමුවා වන අතර, මෙම ගුවන් නියමුවන් ජීවිතක්ෂයට පත්වීම හේතුයෙන් තෙදිනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තව කියවන්​න

බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 29 දින සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් ලෙස උපරිම සිල්ලර මිලක් පැනවීමටයි කටයුතු කර තිබුණේ. ඊයෙ මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගත් අතර ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයයි මෙලෙස නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, අද පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වෙන බවයි. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුඵවට සමගි ජනබලවේගය සහභාගි වීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ…

තව කියවන්​න

ලිදුල, රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ ලිදුල පොලීසිය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා. ගින්න හේතුවෙන් ලයිම් කාමර 10ක් විනාශ වී තිබෙන අතර, ජීවිත හානි සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න