- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Anura Premakumara
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. අරලියගහ මන්දිරයේ පැවතී මෙම සාකච්ඡාවේදී වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබෙනවා.
වෙළඳපොලේ යළිත් එළවඵ මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝවක මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක පැවති අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ද රුපියල් 400 ඉක්මවා ගොස් තිබුණා. පෑලියගොඩ, දඹුල්ල, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල ද කැරට් තොග මිල සටහන් වුණේ රුපියල් 400 ත් 470 ත් අතර මිලකටයි. එමෙන්ම අමු මිරිස් කිලෝවක තොග මිල ආර්ථික මධ්‍යස්ථානවල දක්නට ලැබුණේ රුපියල් 500 ත් 650 ත් අතර මිලකට බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය අද දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියා . ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර මේ මස17 සිට 22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණා . එහිදී සෂ්මි දිසානායක මහත්මිය මෙම තරගාවලියේ අනු තරගාවලි 04 ක් ජය ගනිමින් මෙසේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබෙනවා . කටුනායක ගුවන් තොටුපොළේ දී සෂ්මි දිසානායක මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කළා . “මට හරි සතුටුයි මගේ මේ ජයග්‍රහණය පිළිබඳව . මේ නිසා මගේ…
රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද පොළොන්නරුවේ ජනතාව පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුුුණා. කොමිස් ගසා බාල ඖෂධ ගෙන්නන ජනතාව මරණ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නමු යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් ඒ් සදහා එක්ව සිටිා. පුරවැසි සභා එකමුතුව පොලොන්නරුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර පැයකට වඩා අධික කාලයක් විරෝධතාවය පැවැත්වුුුණා.
වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී අද උදෑසන සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ. වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ගැන ප්‍රකාශයක් සිදු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කැනඩා අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ජයග්‍රහණය අරමුණු කරගනිමින් මෙලෙස කටයුතු කරමින් සිටින බවටයි.
රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබානොදීම නිසා උරණ වූ අදාළ සමාගමේ සභාපතිවරයා සංගීත සැණකෙළි භූමියේදී තමාට බැන තර්ජනය කොට රාජකාරියට බාධා කළ බව පවසමින් රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්. ගජසිංහ මහතා විසින් පොලිස් ස්තානයේ තොරතුරු සටහන් පොතේ තැබූ සටහනක් සම්බන්ධව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න මහතා විමර්ශනයක් ආර්ම්භ කොට ඇත. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. ධමින්ද සහ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කොට තිබෙනවා. ඉකුත් 10…
අමෙරිකාවේ සහල් අලෙවි කරන සුපිරි වෙළදසැල් ඉදිරිපිට ඉන්දීය ජාතිකයින් ඇතුඵ ආසියාතිකයින් දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වනවා. ඉන්දියාව විසින් විදේශීය රටවලට සහල් අපනයනය කිරීම තහනම් කිරීමත් සමග මෙම පෝලිම් හටගෙන ඇති බව සදහන්. ඉන්දීය රජය විසින් දේශීය සහල් සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින් විදේශීය රටවලට බාස්මති සහල් හැර සෙසු සුදු පැහැති සහල් වර්ග අපනයනය තහනම් කර තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දීය ජාතිකයින් සහල් මලු තොග වශයෙන් මිලදී ගැනීමත් සමග අමෙරිකාවේ සුපිරි වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවටයි විදෙස් වාර්තා පවසන්නේ.
ධාවනයෙන් ඉවත් ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට එක්කර තිබෙනවා. බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ වැඩසටහන ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීම පසුගිය දා සිදු වුණා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා. රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනිමේ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් කර තිබුණා. කෙසේ වෙතත් ඉවත් කර තිබූ එම බස් රථ 852 කින් බස් රථ 400 ක් නැවත අලුත්වැඩියා කිරීමටයි ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ. මෙහිදි බස් රථ…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ශීතකරණ තුළ පමණක් තබා අලෙවි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එම සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර මහතා පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සුපිරි වෙළඳසැල්වලින් මිලදී ගෙන ඒවා යළිත් සාමාන්‍ය වෙළඳපොලේ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222