- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Anura Premakumara
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවයි. මේ අතර සර්ව පාක්ෂික සමුළුවට එක්වු දේශපාලන පක්ෂ නියෝජිතයින් ද මෙලෙස අදහස් පලකළා. මේ අතර උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන සදහන් කරමින් සමුළුවය සහභාගී වීමෙන් පසු සමගි ජන බලවේගයේ…
ඉන්දියාවේ ආර්ථිකය තුළ විශාල අවස්ථා තිබෙන බවත්, ඒ අනුව එම අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීම සදහා මෙරට රජය කටයුතු කළ යුතු බවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහතා පවසනවා. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙනවා. ඒ විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහායි. එම නිවේදනයේ දැක්වෙන්නේ අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ෘී4 ලේඛනය ඉදිරිපත් කළ යුතුය යන්නයි. DS4 ලේඛනය නිකුත් කරනු ලබන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා සහ පිළිගත් නොතාරිස්වරයා විසින් සහතික කළ හැකි නම් පමණයි. මීට අමතරව ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන විධිවිධාන පිළිබඳ භාරකරුවන් විසින් සහතික කරන ලියකියවිලි ලබා දීමටද සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් එම යෝජනාවට අත්සන් කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යවරයා සිය මූලික යුතුකම් පැහැර හැර ඇති හෙයින් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔහුට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් එම මන්ත්‍රීවරු අදාළ විශ්වාසභංග යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.
නයිජර් ජනරජයේ ජනාධිපති බලයෙන් පහ කර එරට හමුදාව විසින් සිදු කළ කුමන්ත්‍රනයක් හරහා රටේ බලය අල්ලා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව නයිජර් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් බසූම් හමුදා ආරක්ෂාව යටතේ රඳවාගෙන සිටින බව මෙම කුමන්ත්‍රණය සිදු කළ හමුදා සාමාජිකයන් විසින් එරට නිල රූපවාහිනය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම නයිජර් ජනරජය තුල තිබෙන සියලු ආයතන අත්හිටුවා ඇති අතර, මේ වන විට දේශසීමා වසා දමා නැවත දැනුම්දෙන තුරු රට තුළ ඇඳිරිනීතිය පනවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 132ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 563ක් ලබා සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් පසුවනවා. මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඒ,…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ යෝජනාව කතානායකවරයාට භර දුන් බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර ඇත්දැයි කරුණු සොයා බැලීම සඳහායි මෙම විශේෂ කාරක සභාව පත්කිරීමට යෝජනා කර ඇත්තේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනයේ නීත්‍යානුකූලභාවය විමසා බලා නිත්‍යානුකූල නොවන බවට හඳුනාගතහොත් වගකිවයුත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් වැඩිදුරටත්…
චීනය සහ ඉන්දියාව මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනධිපතිවරයාගේ අරමුණ වී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා. නිදහස් ශ්‍රී ලංකාවේ හොදම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා මේ බව ප්‍රකාශ කළා. ලෝකයේ සියලු රටවල් සමග සමීපව කටයුතු කරමින් ජනාධිපතිවරයා ගෙනයන නොබැදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී රටවල් කිහිපයක නිල සංචාරයේ යෙදීමට නියමිතව තිබෙනවා.
රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ව්‍යාපාරික විරංජිත් තාඹුගල අද(26) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකාර විරංජිත් තාඹුගල නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නඩුව නොවැම්බර් මස 29 වන දින කැඳවීමට නියමිත බවයි නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ. විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම පොලිසිය ඔවුන් නවතා ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමටයි කටයුතු කළේ. මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222