Author: Anura Premakumara

විදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මාස හයක කාලයක් සදහා අදාළ සීමා ලිහිල් කළ බවයි මහ බැංකුව නිවේදනය කළේ. එමෙන්ම විශ්‍රාමිකයන්ගේ වර්තන ගණුදෙනු මත පනවා තිබු සීමා ඉවත් කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත් නව රෙගුලාසි මගින් එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක අමෙරිකානු ඩොලර් ලක්ෂ 2 දක්වා ආයෝජනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

තව කියවන්​න

රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන් සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා සදහන් කළේ දන්ත රසායනාගාරවලට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම  සඳහා අද උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල  වතුයායේ පදිංචි ව සිටි හැත්තෑ  හත් හැවිරිදි පුද්ගලයෙක්. කාර්යාලයීය  කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසනවා. ඇල්ල පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.

තව කියවන්​න

ලෝකප්‍රකට අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මිය ගොස් තිබෙනවා . ඒ වයස අවුරුදු 56 ක්ව සිටියදීයි. ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 වර්ෂයේ දී නිකුත් කරන ලද “නතින් කම්පෙයාර්ස් ටු යූ” ගීතය ගායනයෙන්. ලොව පුරා ගීත දර්ශකවල අංක එකට පැමිණීමට ද එම ගීතය සමත් වුණා.

තව කියවන්​න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ, කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදුන් බවයි. ෆිෆා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ලබන ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැතවීමටයි කටයුතු යොදා ඇත්තේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10 කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වනවා. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයින්ට හිමි වනවා . පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35 ක මිලකට බිත්තර මිලදී ගත හැකි බවයි. සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40 ක මිලකට ද බිත්තර මිලදී ගත හැකි බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ .

තව කියවන්​න

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ. මේ අතර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුඵවට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඵ ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පසුගියදා ආරාධනයක් සිදු කර තිබුණා. ඒ ආරාධනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ සමුඵවට සහභාගි වුණා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හට ද ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ආරාධනා කර සිටියා. අදාළ ආරාධනයට අනුව ප්‍රංශ ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. මේ අනුව ද්විපාර්ශවිය සාකච්ඡා රැසක්ද පැවැත්වෙනු…

තව කියවන්​න

මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රජා, දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙවනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළ කළේ.

තව කියවන්​න

පෑලියගොඩ මැනිං වෙළදපොලේ කටයුතු අද දිනයේදී සාමාන්‍ය පරිදි සිදුවන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසනවා. පෑලියගොඩ මැනිං පොදු වෙළදපොලේ කඩ කාමර සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මූලික කර ගනිමින් එහි පැවති විරෝධතාවයක් අතරතුරදී මැනිං පොදු වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුඵ 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා. ඒ, එම පිරිස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තව කියවන්​න

පොලිස් නිලධාරින් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඇතැම් නිලධාරින් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මෙම ගැටලුවට විසදුමක් ලෙස පොලිස් නිලධාරින් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා. ඉදිරියේදී සෙසු නිලධාරි හිඟය ද පියවීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න