Author: Anura Premakumara

සීමා නීර්ණ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන අතර පළාත් පාලන ආයතන මේ හරහා තවදුරටත් ගැට`ඵකාරි තත්ත්වයකට පත්වනු ඇති බවයි ඔහු සදහන් කළේ. මේ අතර ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය. මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් බව ද තානාපති කාර්යලය කියයි. ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් , විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

තව කියවන්​න

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසි පැවසුවේ සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර තිබෙනවා. අනතුරින් යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. ඔවුන් 16 හැවිරිදි වියේ පසුවූ රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස්…

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙම් කණ්ඩායමට පන්දුවාර 23ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 114ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 118ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසනවා. ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක් ලැබී ඇති බවය එම කොමිසම සඳහන් කළේ. ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයටයි. අනෙකුත් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී තිබෙන අතර, ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් කර තිබෙනවා. 1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බව ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය අද සිට අප්‍රිකාවේ දී ආරම්භ වනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාග වන අතර, ශ්‍රී ලංකාව විසින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගී වෙන 11 වැනි තරගාවලිය ලෙසයි මෙය වාර්තා වන්නේ. දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 16 වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පවත්වා ඇති අතර, ඒ අතරින් එකොළොස් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනක දී දැල්පන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත්තේ රටවල් 10කට පමණයි. ශ්‍රී ලංකාවත් ඒ රටවල් 10 අතරට එක් වීම විශේෂත්වයක්.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

හෙරොයින් ළග තබා ගැනීමේ සිද්ධියකට වරදකරු වු කාන්තාවකට මරණීය දණ්ඩනය නියම කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබෙනවා. දශක දෙකකට පසුවයි එරට කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ. සරිදේවි ජාමනි නැමති 45 හැවිරිදි කාන්තාවකටයි මෙලෙස මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ. ඇය 2018 වසරේදී හොරොයින් ග්‍රෑම් 30ක් නීතිවිරෝධිව රැගෙන ආ බවට වරදකාරිය වී තිබුණා.

තව කියවන්​න

අස්වැසුම සුභසාධන ක්‍රමයට අදාලව බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බවට අප වාර්තාකරුවන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් මෙලෙස පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි. මේ අතර අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිමේ රැඳී සිටි වයස අවුරුදු 77 ක පුද්ගලයෙකු රෝගාතුර වී මියගොස් තිබෙනවා.

තව කියවන්​න

රුපියල් කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. හොංකොං සිට මෙරටට එවන ලද භාණ්ඩ තොගයක තිබී කෘතිම ගංජා කිලෝ ග්‍රෑම් 33 ක් සොයාගෙන තිබෙනවා. පසුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිටකොටුවේ වෙළෙද සැළක සගවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

තව කියවන්​න