- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Anura Premakumara
වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව තුන් හැවිරිදි දරුවෙකු මියයාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට දරුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 යි මාස 3 ක් වූ පිරිමි දරුවෙකුයි. මින් පෙර එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුනා. ඒ අනුව වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බවයි දරුවාගේ මව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ…
වනාතමුල්ල – සහස්පුර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමටයි. මේ අතර කොළඹ ලිප්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙන විරෝධතාවන් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කර තිබුණා. අද පෙරවරු 10.30 සිට හෙට පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ක් අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනෙකුට එරෙහිවයි මෙම තහනම් ආඥාව නිකුත් කර තිබුණේ. දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුණසිංහ, තැන්නේ ඥාණානන්ද…
රට වර්තමානයේ පත්ව ඇති අර්බුධකාරි තත්වයට ජාතික ජන බලවේගය පක්ෂය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පක්ෂය අතීතයේ දී සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට රජයන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම හේතුවෙන් ඔවුන් වර්තමානයේද ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවයි. එබැවින් විශේෂ කොමිසමක් පත් කර දඬුවම් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය පෙබරවාරි 21 වනදා සිට ආරම්භ කිරීමටයි දින නියමව ඇත්තේ. 2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිලිබඳ නිවේදනය නිකුත් කර තිබෙනවා. එමෙන්ම 2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග තුනම එම වසර තුළ දී පවත්වා අවසන් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම සාමාන්‍ය පෙළ…
උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ හමු වූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුරද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුව තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී වෙරළ තීරයේ ගල් පරයක සිර වී තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. මෙම මව සහ දියණිය කළුතර – දොඩම්ගොඩ – හල්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ඔවුන්ගේ ඥාතියෙකු විසින් සිරුරු හදුනාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, කළුතර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.
දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ සහ උපකරණ නොමැති වීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුඵ සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා සදහන් කළේ රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බවයි.
ජුලි මාසය ස්ථිර වශයෙන්ම ලෝකයේ වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වනු ඇති බවට විද්‍යාඥයින් පවසනවා. මෙය පසුගිය වසර එක් ලක්ෂ විසි දහස තුළ වාර්තා වූ දැඩි උණුසුම්ම මාසය විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. ලෝකය පුරා ඇති තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුවයි පසුගිය 6 වන දා සිට මේ දක්වා කාලය ඉතාමත්ම උණුසුම්ම කාලය බවට විද්‍යාඥයින් නම් කර ඇත්තේ.
2023 ඩයලොග් පාසල් රග්බි ලීගයේ අවසන් තරග වටය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සති අන්තයේදී තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. ඩී.එස් සේනානායක විද්‍යාල සහ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වෙනු ඇති. ඩී.එස් සේනානායක විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වටයේ අවසන් සතිය නිමාවට පත්වන විට ඒ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවනවා. පසුගිය සතිය නිමාවට පත්වුණේ බ්‍රැඩ්බි පළිහේ පළමු වටය ජයග්‍රහණය කරමින්. කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ලැබු මෙම ජයග්‍රහණය පිළිබද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබුණා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම සියයට 40 සිට සියයට 18 දක්වා අඩු වී තිබෙනවා. ඒ, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ නව ව්‍යාපෘතිය හේතුවෙන්. එම ව්‍යාපෘතිය මගින් පැරණි ජලකාන්දු සිදු වූ නල ඉවත් කර ඒ වෙනුවට අලුතින් ජලනල එළනු ලැබූ බවයි එම මණ්ඩලය පැවසුවේ. ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය සදහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි. මේ අතර අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බවද ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඊට අදාල යෝජනාව කැබිනට් අනුමැතිය සදහා යොමු කොට…
ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වන විට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊට පෙර බස්නාහිර පළාත සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග සතොස වෙළදසැල් හරහා ලබා දීම ආරම්භ කෙරුනා. කෙසේ වෙතත් ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඊයේ දිනය වන විට බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බවයි සභාපතිවරයා සඳහන් කලේ. ඒ අනුව බස්නාහිර ප්‍රදේශයට අවශ්‍ය නව තොග බෙදාහැරීම සඳහා ඊයේ රාත්‍රියේදී අවශ්‍ය පියවර ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222