Author: Anura Premakumara

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 85 ක් ලෙසයි . බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 දශම 9 ක් ලෙස සටහන් ව තිබුණා . මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිල මෙය වශයෙන් වාර්තා වනවා .

තව කියවන්​න

පුනරුත්තාපන ක්‍රියාවලියකින් තොරව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සුදුසු නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ . එම අවස්ථාවට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

තව කියවන්​න

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවයි. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පසුගිය 25 වැනිදා මියගොස් තිබුණා. ඔහු පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඔසී නානායක්කාර නමැති එක්දරු පියෙකි. රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ නාන කාමරයේ ඇද වැටී රෝගියා මියගිය බවයි. කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, පහරදීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින්…

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද සිට ආරම්භ වනවා. දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් මෙවර තරගාවලියට සහභාගි වී සිටිනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති. තරගාවලියේ පළමු වටයේ තරග 20ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිතය. මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට…

තව කියවන්​න

ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී තිබෙනවා. ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බි්‍රතාන්‍යයේ එයාර්බස් සමාගම විසින් නිර්මානය කරන ලද්දකි. මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවකි. 2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, මිට වසර 5 කට පෙර අක්‍රිය වී ගොස් තිබුණා. චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු බැවින්, චන්ද්‍රිකාවේ ලේසර් මග පෙන්වීමේ තාක්ෂණය යොදා ගනිමින්, එම උපාංග යළි පණ ගැන්වීමෙනුයි චන්ද්‍රිකාව අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට සලස්වා තිබුණේ

තව කියවන්​න

ජපාන විදේශ අමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චාවක් ඊයේ පැවැත්වුණා . මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජපන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සිය ස්තූතිය පළ කරනු ලැබුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කිරීමටයි කටයුතු කලේ . යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන ව්‍යාපෘතිය අත්හිටුවීම පසුගිය කාලයේ සිදු වූ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, එය නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටියා . එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවයි…

තව කියවන්​න

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වාණිජ බැංකුවල ්උඡඍ පසුගිය සතියේ සියයට 17.76ක් වූ අතර වසරකට පෙර එය සියයට 24.94ක් තරම් ඉහළ අගයක් විය. මුදල් මණ්ඩලය අඛණ්ඩව මාස දෙකක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීම හේතුවෙන් මෙම අඩු කිරීම සිදු වී තිබෙනවා. ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීමට මහ බැංකුව තීරණය කළත් ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි.

තව කියවන්​න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමු වී තිබෙනවා. ජපාන ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකාවට එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පලකළා. එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක්…

තව කියවන්​න

2023 ඩයලොග් පාසල් රග්බි ලීගයේ අවසන් තරග වටය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සහ හෙට තරග 05ක් පැවැත්වීමට නියමිතයි. ඩී.එස් සේනානායක විද්‍යාල සහ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වෙනු ඇති. ඩී.එස් සේනානායක විද්‍යාලය , ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වටයේ අවසන් සතිය නිමාවට පත්වන විට ඒ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවනවා. පසුගිය සතිය නිමාවට පත්වුය් බ්‍රැඩ්බි පළිහේ පළමු වටය ජයග්‍රහණය කරමිනි. කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ලැබු මෙම ජයග්‍රහණය පිළිබද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබුණා.

තව කියවන්​න

රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතින බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ බිත්තර ලංකා සතොස මගින් අලෙවි කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇති බවයි. මේ වන විට දකුණු පළාත් තුළ ද බිත්තර සතොස මගින් අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පසද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

තව කියවන්​න