- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති නීතීඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ප්‍රවාහන හා ලිපිද්‍රව්‍ය ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී 7,156 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව එහි පළමු සතියේදී 2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව අස් කිරීමට කටයුතු කර තිබෙනවා. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 78 ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 212ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 54දී ලකුණු 98ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි. පන්දු යැවීමේදී තුෂාර් දේශ්පාන්ඩේ ලකුණු 27ට කඩුළු 4ක් සහ මතීෂ පතිරණ ලකුණු 17ට කඩුලු 2ක් බිඳ හෙළුවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් කණ්ඩායම පරදා කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට බැංගලූරූ කණ්ඩායම සමත් වුණා. එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 200ක් රැස් කළා. එහිදී ෂායි සුදර්ශන් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විල් ජැක්ස් පන්දු 41දී නොදැවී ලකුණු 100ක් සහ විරාත් කෝලි පන්දු 44දී නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුණා.
මාරාන්තික ගුවන් ප්‍රහාරයෙන් පසු නැවතත් ආහාර බෙදා දීමේ වැඩසටහන නැවත ආරම්භ කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරයෙන් පසු පසුගියදා ආහාර බෙදා දීමේ වැඩසටහනට එක්ව සිටි පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව මෙම අහාර බෙදා දීමේ සංවිධානය සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන අටක් වටිනා ආහාර රැගත් ට්‍රක් රථ 276ක් රෆා හරස් මාර්ගය හරහා ගාසාතීරයට ඇතුලත් වීමට සූදානම් බවයි.
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කලිල් සාමාජිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ලංකාවට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාලව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවයි.
2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිග බදු මුදල් අයකර ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අදාළ බදු මුදල් ජුනි මස 30 වනදා වන විය අයකර ගන්නා ලෙසයි සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ. ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව එහි සභාපති පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබෙනවා. මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත්‍ර අහෝසි නොකර හිග මුදල් වාරිග වශයෙන් අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි. කෙසේවෙතත් එම ක්‍රමවේදය පිළිබද සෑහිමකට පත්විය නොහැකි බව…
පාර්ලිමේන්තු අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය අද තෙවන සහ අවසන් දිනටත් පැවැත්වීමට නියමිතයි. විපක්ෂය විසින් ගෙනආ සභාව කල් තැබීමේ යෝජනාවකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ විවිධ කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 41 වැනි තරඟයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලූරූ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 206ක් රැස් කළා. එහිදී විරාත් කෝලි ලකුණු 51 සහ කැමරන් ග්‍රීන් ලකුණු 50ක් රැස් කිරීමට මහත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.
නව සංක්‍රාන්ති කවුන්සිලයේ දිවුරුම දීමත් සමග හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වී තිබෙනවා. හයිටිය තුළ විවිධ මාරාන්තික කල්ලි සිදු කළ ප්‍රචන්ඩත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පසුගිය මාර්තු මාසයේදී හෙන්රි මහතා එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව නව සංක්‍රාන්ති කවුන්සිලයේ සාමාජිකයින් 09 දෙනෙකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, ඉන් 07 දෙනෙකු හට ඡන්ද බලතල හිමිව තිබෙනවා. හෙන්රි අග්‍රාමාත්‍යවරයාගේ මුදල් ඇමති ලෙස කටයුතු කළ මයිකල් පැටි්‍රක් බොයිස්වර්ට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222