- හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
- මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
- නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !
- හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
- වැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
- මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්
- පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි
Author: Anura Premakumara
වර්තමානයේ අප අවධානය මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ද යොමු කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නව නීති සම්පාදනය කිරීමට ද සිදු වී තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිණි. මෙම උත්සවය අද (02) පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි.…
රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කළ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ හැටන් නගරයේ ස්වර්ණාභරණ ආයතනයකින් රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ සැකකාරියක් හැටන් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පදිංචිකාරියකි. සැකකාරිය රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ එහි හිමිකරුගේ මුහුණට රසායනික ද්‍රව්‍යක් අල්ලා රන් මාලයක් කොල්ලකෑමට තැත්කර තිබෙනවා. අදාළ රන් මාලය සැකකාරිය සන්තකයේ තිබූ ස්ප්‍රේ බෝතලයක් සහ විවිධ ස්ථානවලට රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට්පත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ පාලන ජීවිතයේ ඛේදවාචකය සම්බන්ධයෙන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබෙනවා. එම සටහන පහතින් දැක්වේ. මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් . 1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ. ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා .. අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ. ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය…
අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපීකරණයට ලක් වෙමින් පවතින බවත් යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතකොලු බවට පත් කර ගන්න කූඨ ක්‍රියාදාම රාශියක් ගෙන යන බවත් ඊට අමතරව ගමේ නගරයේ පිහිටුවන සිවිල් ආරක්ෂක කමිටුවට පවා නිලධාරීන් පත් කර ගෙන රැස්වීමට පැමිණ එයත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය මේ වන විට රෝහල් කමිටුවට පවා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ…
ලිඳුල, සෙන්කූමුස් වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දැඩි භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේදී තම නිවාස අසලට පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ. මේ සම්බන්ධයෙන් නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් තම වතු යායේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට ගෙන ගොස් මුදාහරින ලෙසත් ලිඳුල සෙන්කූම්ස් වතු යායේ වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා. නිවසක ගෙමිදුලේ සිටි සුරතල් සුනඛයෙකු රාත්‍රීයේ කාලයේදී කඳුකර කොටියා විසින් ගොඳුරු කර ගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන් තිබුණේ මෙලෙසින්.
ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම වෙත පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් වන නෙත්දුල පුතා නමැති ධීවර යාත්‍රාවකි. එම යාත්‍රාව අද(02) උදෑසන මුහුදු ගොස් ඇති බවයි ධීවර යාත්‍රාවේ ගමන් කළ දිවිගලවාගෙන ගොඩබිමට පැමිණි ධීවරයෙක් කියා සිටියේ. අනතුරින් දිවි ගලවා ගත් ධීවරයින් තිදෙනාම පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. අනතුරට පත් ධීවරයින් තවත් යාත්‍රාවකින් වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබෙනවා. තමන් අල්ලා ගත් දැලත් සමගින් මුහුදේ පාවෙමින් පවතින බවයි එම බෝට්ටුවේ ගමන් කරමින් සිට ගොඩබිමට පැමිණි ධීවරයින් කියා සිටියේ.
මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එළවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවාව හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවන බවත් ආණ්ඩුව කුහක වුූවාට රටේ ජනතාව කුහක නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. මනෝජ් ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඒමට යන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥවරයා මේ බවකියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා… රජය විසින් අලුතෙන් පනත් කෙටුම්පතක් ගැසට් කරනු ලැබුවා. මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ වෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ…
උතුරේ පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉඩම් අක්කර 16ල000ක පොල් වගා කිරීමට කටයුතු කරන බවයි ධීවරල ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසන්නේ. ඊට අදාළ ඉඩම් දැනට හඳුනාගෙන ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට එම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කිාය සිටියා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පොල් වගාව නිසි අයුරින් පවත්වාගෙන යාම තුළින් අනාගතයේදී එම කලාපයේ ආර්ථික තත්ත්වය සමෘද්ධිමත් විය හැකි බවයි.
ගුරුවරුන්ට එස්.එම්.එස්. පණිවුඩයක්වත් යවාගත නොහැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව්ත ඒ තුළින් ගුරුවරුන් ඉතා පහත් තත්ත්වයයකට ඇදදැමූ බවත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා අවධාරණය කරනවා. ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරුවරුන් ගුරු දෙවිවරු ලෙස හැඳින්විය හැකි බවද දෙමාපියන්ගෙන් පසුව ගුරුහරුකම් ලබාදෙන්නේ ගුරුවරුන් බවද හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා එහිදී කියා සිටියා. එහෙත් පසුගිය දිනක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුරුවරුන්ගේ තාක්ෂණ හැකියාව ගැන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සී.බී. රත්නායක මහතා විසින් වැඩිදුරටත් අදහස් දැක්වූවා. හිටපු අමාත්‍යවරයා චෝදනා කරන්නේ එම ප්‍රකාශය…
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ වන්නේ. වෙඩි තැබීමෙන් අනතුරුව ගිනි අවියේ හිමිකරු ගිනි අවියද සමගින් හුංගම පොලිසිය වෙත පැමිණ භාරවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222