Author: Anura Premakumara

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ රොෂාන් රණසිංහ මහතා.

තව කියවන්​න

දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කළේ ආයතන කිහිපයක් යටතේ ජලාශ පාලනය වීම ගැටලුකාරි තත්ත්වයක් බවයි. මේ අතර වලව ගොවි ගැටඵව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ මෙරට කෘෂිකාර්මාන්තය දැවැන්ත ලෙස බිඳ වැටී ඇති බවයි.

තව කියවන්​න

බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හන්දිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පුද්ගලික බස් රථය තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයේ ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු සිට තිබෙනවා. බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කළ විමර්ශනයට අනුව සැක කරන බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එය මර්ධනය කිරීමට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ඒ සදහා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් යාවත්කාලින කළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ.

තව කියවන්​න

2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරග දෙකක් පසුගියදා පැවැත් වුනා . මේ යටතේ පසුගිය සිකුරාදා පැවති පලමු තරගය ජය ගැනීමට ශාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමයි සමත් වුනේ . ඒ ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුනු 39 ට බින්දුවක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. මෙම තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත් වුනා . එමෙන්ම මෙම වටයේ අනෙක් තරගය පසුගිය සෙනසුරාදා දිනයේදී පැවැත් වුනේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතරයි . එම තරගයෙන් ලකුනු 22 ට 17 ක තියුනු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා . මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදීයී පැවැත් වුනේ…

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම පරාජයට පත් කරමින්. ඊයේ පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු 07න් පරාජයට පත් කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 20ට කඩුළු 4ක් බිද හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 03න් අවසානයෙ කඩුළු 3ක් දැවී ලකුණු 90ක් ලබා…

තව කියවන්​න

ඉරානයේ ෂිරාස් නැමැති මුස්ලිම් දේවස්ථානයට මාස කිහිපයක් ඇතුලත දෙවැනි මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම දේවස්ථානයට පැමිණ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රස්තවාදී මෙහෙයුමක් අනුව මෙම ප්‍රහාරය සිදු කර ඇති බවද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙපාරක් නොසිතන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පාතදුම්බර අසාන බලමණ්ඩලය අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

තව කියවන්​න

සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහතවැටීම හේතුවෙන් . ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඒ අනුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාවේදී පමණක් විදුලිය නිෂ්පාදනයට පියවර ගන්නා බවයි. ඒ සඳහා යොදා ගන්නා ජලය එම වේලාවේදී උඩවලව ජලාශයට මුදා හැරීමටත් විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, විදුලිය නිෂ්පාදනය නොකරන කාලයේදී මිලියන කියුබික් මීටර් දශම 25 ක ජල ධාරිතාවක් අඛණ්ඩව උඩවලව ජලාශයට මුදා හරින බවයි. නව සැලසුම් අනුව, ලබන 20 වැනිදා තෙක් වැඩිම ඉල්ලුමක් සහිත වේලාවන්හිදී පමණක් විදුලිය නිෂ්පාදනය සිය අපේක්ෂාව බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

තව කියවන්​න

උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති පැවසුවේ වර්ෂාවට පෙර මෙවැනි ඩෙංගු අවදානමක් උතුරු පළාත් තුළ දක්නට ලැබෙන්නේ නම් වර්ෂා කාලය ආරම්භ වීමත් සමගම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යා හැකි බවයි. මේ හේතුවෙන් උතුරු පළාතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වසරේ පළමු මාස පහ තුළ ශ්‍රී ලංකාවෙන් හදුනාගත් ඩෙංගු රෝගීන් 45,612කින් 1,474ක්ම යාපනය දිස්ත්‍රිකකයෙන් හදුනා ගැනුනා. ඊට අමතරව කිළිනොච්චියෙන් ඩෙංගු රෝගීන් 76ක්ද වවුනියාවෙන් 109ක්ද මන්නාරමෙන් 100…

තව කියවන්​න