- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Anura Premakumara
නැවතත් ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසනවා . ඇය මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින් . මෙම සමුළුව සදහා සත්කාරකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන අතර ඊයේ දිනයේ සිට දින හතරක් අදාළ සමුළුව පැවැත්වෙනවා . මේ සදහා රටවල් 28 ක ආරක්ෂක නිලධාරීන් 128 දෙනෙකු ද සහභාගි වී සිටිනවා.
විදෙස්ගත වන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිට වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ. කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී ලක්වන බවද එම සමාගම කියා සිටියා . මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේිස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා .
ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පසුගිය යහපාලන සමයේදී පළාත් සභා වසා දමනු ලැබුවේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු තව දුරටත් සදහන් කලේ.
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලදී ගෙන ඇති බවයි කෝවිලේ පාලක සභාව කියා සිටියේ. මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර වාරයේදීයි. මින් පෙර අවස්ථාවකදී කෝවිලක පූජා වට්ටියක් රුපියල් ලක්ෂ 10ක මුදලකට අලෙවීමේ පුවතක්ද මීට පෙර වවුනියාවෙන් වාර්තා වූවා.
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 26 ත් අතර වයසේ තරුණයන් පිරිසක් බව පොලිසිය පැවසුවේ. රාත්‍රි 12 න් පසුව ගාලුපාරේ යතුරුපැදි රේස් පදින බවට ලද තොරතුරක් මත තැන තැන සැගව සිටි පොලිස් කණ්ඩායම රාත්‍රි 12.30 ට පමණ ගොරකපොල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට තරගය ආරම්භ කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන යතුරුපැදි හතරක් භාරයට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් සදහන් කළා.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැති සාකච්ඡාවකදීයි දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. පෙරහර වීදී සංචාරය කරන දින 10 ට අදාළව විදුලි බල මණ්ඩලය මගින් ශ්‍රී දළදා මාලගාවට සහ සතර මහා දේවාල සඳහා ඇස්තමේන්තු විදුලි බිලක් ඉදිරිපත් කළ අතර එය ගෙවිය නොහැකි බව සතර මහා දේවාල බස්නායක නිළමේවරු මින් පෙර ප්‍රකාශ කර තිබුනා. පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීමට රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහසක ඇස්තමේන්තුවක් විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත්…
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස් ගස් වැව විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඒ ගුරු හිඟයට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. සිසු සිසුවියන් 582 කට ආසන්න පිරිසකට විදුහලේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සදහා ගුරුවරුන් නොමැති බවටයි ඔවුන් පවසන්නේ. ඒ පිළිබදව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයට දැනුම් දී මාස 3 ක කාලයක් ගත වුවද ඒ සදහා විසඳුම් නොලැබීම හේතුවෙනුයි මෙම විරෝධතාවය සිදු කර ඇත්තේ.
නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නවතා දමා ඇතැයි අනාවරණය වී තිබෙනවා . ඒ, පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි . එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ. ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති අතරමග නවතා දැමීම හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්‍රතිලාභ අහිමි වී ඇති බවයි.
මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා. එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි ශක්තිමත් වනු ඇති බවයි ඔහු කියා සිටියේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති බල මණ්ඩල රැස්වීමක් අමතමින් ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222