Author: Anura Premakumara

ජලය පානය කිරීම සඳහා වන සතුන් පැමිණෙන අවස්ථාවලදී ඔහුන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. කතරගම, සෙල්ල කතරගම, තිස්ස ආදී ප්‍රදේශවල පවත්වාගෙන යන ඇතැම් හෝටල්වලට මෙලෙස ඝාතනය කර සතුන් මුදලට අලෙවි කිරීම ඉහල ගොස් ඇතැයි සදහන්. බොහෝ පිරිස් එම සතුන් මැරීම සඳහා ජලයට විෂ දමා සතුන් මරා දැමීමේ සිද්ධීන් ද මේ වන විට වාර්තා වී ඇති බවත් පොලිසිය අවධාරණය කලා . එම පුද්ගලයන් ගැන 1992 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද වනජීවී දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටීනවා.

තව කියවන්​න

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්යේ “මෝහිනී ඇල්ල” අසල ලක්ෂපාන තේවතුයායේ ගිලා බැස නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්වයක තිබූ කන්ද නව තාක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති. වර්ෂාධික අවස්ථාවල වසර ගණනක් තිස්සේ  වරින් වර නාය යෑම හෙතුවෙන්  මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය‍ෙ ලක්ෂපාන තේවතුයායේ මීටර් 150 ක් පමණ කොටසක් අවදානමට ලක්ව තිබෙනවා සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය වසා දමා විකල්ප මාර්ගයක් ලෙස ලක්ෂපාන තේවතුයාය මධ්‍යයෙන් ඇති පටු මාර්ගයෙන්සැහැල්ලු වාහන පමණක් මාස කීපයක් ධාවනය කිරීමට සලසා තිබුණි. ශ්‍රීපාද වන්දනාකරුවන් රැගත් බස් හා වෑන් රථ  දහස් ගණනක් නල්ලතන්නිය බලා  වසරක් පාසා  ධාවනය කරනු ලබන්නේ මෙම  නාය යෑමට ලක්වූ…

තව කියවන්​න

ඉන්දියාවේ සිට තමන් රැගෙන ආ සාරි තොගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී ලෙස  ගුවන් ගමන් බලපත්‍ර 04 ක් රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්  විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරික කාන්තාව පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි. ඇය ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඇය විසින් රැගෙන විත් තිබූ සාරි තොගයක් අතර , මෙම ගුවන් ගමන් බලපත්‍ර 04 සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරික කාන්තාව ගුවන් ගමන්…

තව කියවන්​න

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයරුක්ෂි සමන්කුළ ක්‍රීඩිකාව සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන තිබෙනවා. මෙම තරගාවලිය ඉකුත් 19 දින සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පවත්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණේ ද ජයරුක්ෂි පමණකි. ක්‍රීඩා ඉසව් දෙකක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන තිබූ ජයරුක්ෂි 21 දින උදෑසන 09.50 ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්,  පුහුණුකරු සහ තවත් සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

තව කියවන්​න

තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද අලුයම වන අලියකුගේ පහරදීමෙන්  කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවක්. ඇය උදෑසන 5.20 ට පමණ ආහාර පිසිමින් සිට, කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තම නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට  යමින් සිටියදී  ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් මියගොස් තිබෙනවා. ඇයගෙ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය බරපතල තුවාල ලබා බිම වැටී සිටි අතර ඇය තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.08.16 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය, කලපලුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු  රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු.813,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ගෙන තිබුණා. මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක්  කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාලව ඔහු වංචාකර ඇති මුදල රු.8,390,000.00 ක්. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

හබරාදූව රූමස්සල ප්‍රදේශය්දී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . පොලිසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි. ඊයේ සවස් කාලයේ දී එම අනතුර සිදුව තිබෙනවා . අනතුරින් තුවාල ලැබූ සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් . එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ . මේ අතර නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව…

තව කියවන්​න

හබරාදූව රූමස්සල ප්‍රදේශය්දී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . පොලිසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි. ඊයේ සවස් කාලයේ දී එම අනතුර සිදුව තිබෙනවා . අනතුරින් තුවාල ලැබූ සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් . එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ . මේ අතර නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව…

තව කියවන්​න

ඇල්ල ආරුක්කු නවය පාලමෙහි බිංගෙයට සංචාරකයින් හානි සිදු කරන බවට චෝදනා එල්ල වනවා . ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක මහතා පැවසුවේ එහි පෞරාණික වැදගත්කමක් පවතින බවයි . ඒ හේතුවෙන් මෙම ස්ථානය ආරක්ෂා කරන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කළා .

තව කියවන්​න

2015දී සහ 2019දී ජයග්‍රහණය කිරීමට නොතිබුණු අවස්ථාව වර්තමානයේ ජාතික ජන බලවේගයට උදාවී තිබෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව වර්තමානයේ මතු වී තිබෙන ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී අවස්ථාව නෙලා ගන්නේද නැද්ද යන්න තීරණය වර්තමානයේ තිබෙන බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සදහන් කළේ. එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න