- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
Author: Anura Premakumara
කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි. කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දූව යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ…
වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරා බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(03) සැකපිට අත්අඩංගුවට ගෙන අද(94) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙසන් පසු සැකකාර රියදුරා අගෝස්තු මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංක සංජීව ප්‍රියදර්ශන නමැති 47 හැවිරිදි රියදුරෙකි. සැකකාර රියදුරා වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා දිවුලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථය මගින් විශාල පිරිසක් සමග ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේදී…
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ 2024 වසරේ පොලිස් පරීක්‍ෂකවරුන් බඳවාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳවයි. මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන් පවසා ඇත්තේ පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්‍ෂණවලින් පසුව ඒස ඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබාදීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයන් සිය දෙනා වෙත ලබානොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවටයි. ඒ අනුව මේ හරහා දූෂණයක් සිදුව ඇති බවද ඒ සම්බන්ධව පොලිසිය…
කළුතර සෙිය නිවසේ සිටියදී එගොඩඋයන පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙකුට අද(4) දහවල් කිසියම් පහරදීමක් සිදුව ඇති බව වාර්තා වනවා. කළුතර, නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පිහිටි එම පොලිස් නිලධාරියාගේ නිවසට කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් මෙලෙස පහරදී පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම පහරදීම තම නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක සිදුව ඇති බවද වාර්තා වනාව. පහරකෑමෙන් පසු සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාළ සැරයන්වරයා රෝහල්ගතවීම සඳහා සූදානම් වන විටදී තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් පැමිණ අතින් පයින් පහර දී ඇති බවද වාර්තා වනවා. පහරදීමට ලක්වූ සැරයන්වරයාගේ හිසට සහ වම් ඇස ආසන්නයේ තුවාල සිදුව ඇති බවත් ඔහු කළුතර නාගොඩ ශීක්‍ෂණ රෝහලට ඇතුළත්ව ඇති බවත් වාර්තා…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නමැත්තා ඊයේ(03) දින උදෑසන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබනෙවා. ඒ තායිලන්තය වෙත පළායාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි. දිසානායකගේ දේවාන්මිණි දිසානායක නමැති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. කෙහෙල්බද්දර පද්මෙ ඩුබායිහි සැඟව සිට පසුව තායිලන්තය වෙත පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසි්න අත්අඩංගුවට ගෙන සිටයිදී එයින් මිදී අතුරුදන්ව සිටින්නෙකි. ගම්පහ දේවා නමැති අය ඊයේ(03) දින උදෑසන 80.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 406 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති අදාළ නඩුව අද(04) කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදී තිබෙනවා. ඒ අදාළ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණයේ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා රාජකාරී නිවාඩු ලබාසීමට හේතුවෙන්. 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දින දක්වා අතර කාලසීමාවේදී නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති…
හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේ තම නිවාස අසලා පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ. තම වතුයාය අසල තිබෙන ලඳු කැලෑවක වෙසෙන කඳුකර කොටියන් රාත්‍රී කාලයේ ගොදුරු සොයා තම නිවාස අසලට පැමිණෙන බවත්, එසේ පැමින තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් ගොදුරු පිණිස අල්ලාගෙන යන බවත් එම වතුයායේ වතු කම්කරුවන් පවසනවා. පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේ නිවසින් බැහැරට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි වතු කම්කරුවන් වැඩිදුරටත්…
බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු අටක් පමණ වන දරුවෙක් වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බගවන්තලාව පොලිසිය කියා සිටියේ පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී තම අට හැවිරිදි බාල පුතා මෙලෙස ජිවිතක්සයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි හෙලෝන් සසාන් නමැති අට හැවිරිදි 3 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි. බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි හයක් පමණ ගැඹුරකින් යුත් කපා තිබෙනවා. එම වලේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ එ අසලින් ගමන් කිරීමට තැත් කළ…
මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් පමණ වූ පුද්ගලයෙකි. මෘතදේහය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222