- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
Author: Anura Premakumara
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව පැවසෙන සිදුවිමකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි කාන්තාවක්. සැකකරු වයස අවුරුදු පනස් හතරක් පමණ වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කළ පැමිණිල්ලක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණවීමෙන් පසු ඔවුන්ගේ වැඩ තහනමකට ලක්ව සිටියා. අත්අඩංගුවට ගැනුනු සැකකාරිය…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් අද(08) දහවල් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ 46.4 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථය ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ මෝටර් රථය කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.
රුපියල් කෝටි පනහක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරීමට පැමිනි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා නුවරඑළිය ලබකැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පොළක රැඳී සිටින බවට නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මැණික් ගල මිලදී ගැනීමට සැකකරුවන් හා ගනුදෙනු කතා කිරීමේදී රුපියල් කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරීම හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදලකට ලබාදීමට සැකකරුවන් එකඟවී තිබෙනවා. මඩවල සහ වත්තෙගම ප්‍රදේශයේ අවුරුදු හතළිහත්…
හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර ඇප මත මුදාහැර තිබෙනවා. ත්‍රීරෝද රථයේ අයිතිකරු විසින් මූල්‍ය ආයතනයට වාරික මුදල් ගෙවීම පැහැර හැරියේ යැයි කියන හේතුවක් මත එම මූල්‍ය ආයතනය විසින් ත්‍රීරෝද රථය රැගෙන එන ලෙසට මූල්‍ය ආයතනය විසින් තැරැව්කරුවෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම තැරැව්කරු හැටන් පොලිසියට පැමිණි පැමිණිල්ලක්ද සිදුකර හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව එම ත්‍රිරෝද රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ත්‍රීරෝද රථයේ අයිතිකරු සහ ත්‍රීරෝද ගාලේ සිටි පිරිස ත්‍රීරෝද රථය රැගෙන යාමට විරෝධය දක්වා තිබෙනවා. ත්‍රීරෝද රථයේ හිඟවාරික මුදල අදාළ මූල්‍ය…
කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට ආයුධයකින් පහරදීම සඳහා උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් ඉන් සැකකරු තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා. තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැලිකන්ද, සඳුන්පිටිය ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් පමණ වන නවසේනපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වැලිකන්ද පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර පුදුකුඩිඉරිප්පු, මන්දවිල් ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් පුදුකුඩිඉරිප්පු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරුප්පු මන්දවිල් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පලාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. එසේම ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ කාලගුණ අනාවැකියද නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි…
තෙලිකඩ සහ දෙල්වල යන ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ තෙලිකඩ, රෙජ්ජිපුර ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙක් විසින් අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ රෙජ්ජිපුර, බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් ඥාති පුත්‍රයෙකු විසින් මරණකරුට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් පමණ වන බූස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙලිකඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර දෙල්වල ඇන්දානවත්ත බන්ට්…
රුපියල් මිලියන හයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ පසුගියදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී කේරළ ගංජා කිලෝ 29යි ග්‍රෑම් 901ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි පාර්සල් 15ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කෙරළ ගංජා තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන හයකට අධික බවයි නාවික හමුදාව නිවේදනය කරන්නේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 19ක් සහ 33ක් පමණ…
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි. එසේම අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බුදුන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත්භාවයට පත්ව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. පෙර වස් මගහැරුණු භික්‍ෂුන් වහන්සේ පසුවස් එළැඹීම සිදු කෙරෙන්නේත් බුදු රජාණන් වහන්ස්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කර ඇත්තෙත්ද අද වැනි නිකිනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි. මේ අතර ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේද අද…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222