Author: Anura Premakumara

Soja Biz කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. දකුණ ුපලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සහ දකුණු පලාත් කර්මාන්ත අමාත්‍යංශය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා. ඊට මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවේ වී එෆ්.එම්. නාලිකාවයි. දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එස්. ජයසිංහ අදාළ වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වය අගය කර තිබුණේ මෙලෙසින්. ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ.

තව කියවන්​න

හඳුනා නොගත් පියාසර වස්තූන් හා ඒ හා සමාන සංසිද්ධි පිළිබඳව විමර්ශනය සඳහා නාසා ආයතනය නව අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බවයි. පසුගියදා මෙක්සිකෝවේදී පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් පළමුවරට ප්‍රසිද්ධියේ නිරාවරණය කෙරුණා. 2017 වසරේ පේරු රාජ්‍යයෙන් හමු වූ පිටසක්වල ජීවින්ගේ සිරුරු දෙකක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එම සිරුරු වසර 700 ත් 1800 ත් අතර කාලයක් පැරණි බවටයි හඳුනාගෙන ඇත්තේ.

තව කියවන්​න

වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් වීම විශේෂත්වයක්. වර්ෂාව ඉහළ යාමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛද්‍ය උපදෙස් පිලිපැදීම තුළින් ඩෙංගු රෝගය වළක්වාගත හැකි බවයි.

තව කියවන්​න

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. පවතින අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 15 ක් පමණ ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා. මේ අතර අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 ඇතුළත මාවුස්සාකැලේ ජලාශ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට මිලී මීටර් 27 ක වර්ෂාවක් ලැබී ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය…

තව කියවන්​න

මෙම වසරේදී කොරියානු රැකියා සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ වී ඇත්තේ. මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බවයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් සඳහන් කර සිටියේ. සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහයටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තුතිය පළ කළා. තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ…

තව කියවන්​න

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක තවත් බස් රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනා සහ තවත් ගුරුවරයෙකු ප්‍රතිකාර සඳහා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටි නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්.

තව කියවන්​න

බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා. ශ්‍රී ලංකාවේ නව බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවති මෙම හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවටයි වාර්තා වන්නේ. එහිදි විපක්ෂ නායකවරයා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රඡාතාන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම පිළිබදවද බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කර තිබෙනවා.

තව කියවන්​න

2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් සහ අධි බර මෙන්ම ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. 2023 පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව මෙම වෙනස පෙන්නුම් කරන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් 2023 සංක්ෂිප්ත පෝෂණ දත්ත එළි දැක්වීම සහ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ඊයේ එක්වෙමිනුයි ඇය මේ බව සදහන් කර සිටියේ.

තව කියවන්​න

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැඳවා තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද අද දිනයේදී කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි. මෙහිදි ආර්ථිකය බංකොලොත් වීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ඔහුගෙන් සාක්ෂි විමසීමට ද නියමිතයි. මේ අතර කාරක සභාව හමුවට විශ්ව විද්‍යාල ආර්ථික විශ්ලේෂකයින් ඉදිරිපත් කළ වාර්තා ද මීට සමගාමිව අධ්‍යනය කිරීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් වැටලීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර කිලිනොච්චිය මලයාලපුරම් වැවක තිබී සොයාගෙන තිබෙනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබීම හේතුවෙන් ඒ සදහා ගිය පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු අතුරින් අදාළ පොලිස් කොස්තාපල්වරයා හදිසියේ අතුරුදන් වීම හේතුවෙන් ඔහු පිළිබදව සොයා විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊයේ දහවල් අදාල වැටලීම සදහා පොලිස් කණ්ඩායම ගිය අවස්ථාවේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඒ අසල තිබූ ඇලට පැන පිහිනා ගොස් ඇති අතර එහිදි ක්‍රියාත්මක වූ මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සය දැරීමේදී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු…

තව කියවන්​න