- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි . මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාවට එරෙහි තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ අතර සුපිරි සිව්දෙනාගේ තරග වටයේ අවසන් තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි. මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 49.5ක් අවසානයේ කඩුලු සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණයි. මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී…
ඉතාලියේ ලම්පෙඩුසා දූපතට පැය 24ක් තුළ සංක්‍රමණිකයින් 7000ක් ළඟා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංක්‍රමණිකන් ටියුනීසියාවේ සිට පැමිණ ඇති බවයි. එම ප්‍රමාණය ලම්පෙඩුසා දූපතේ සමස්ත ජනගහනයට වඩා දහසකින් පමණ අධික වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම සංක්‍රමණිකයින් පිරිස පැමිණීමත් සමග දූපතේ ජනගහනය දෙගුණයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් උද්ගත වූ කලබලකාරී ස්වාභාවයත් සමග දූපතට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් අවසර ලබාගෙන තිබෙනවා. ඒ අනුව කටුනායකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගනිමින් ප්‍රශ්න කරනු ඇති. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ පිළිබද අදහස් පලකළා.
සීදූව, දඬුගම ඔයේ තිබී සංචාරක බෑගයක පුරවා තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි. මෙම මළ සිරුර සංචාරක බෑගයට දමා දඬුගම ඔයට කිසිවකු විසින් දමා යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඒ කවුරුන් විසින් ද යන්න පිළිබඳව සහ මෙලෙස මරණයට පත් වූයේ කවුරුන් ද යන්න පිළිබඳව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මළ සිරුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සීදුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
පිළිකා ඖෂධ වර්ග 50 ක් ආනයනය සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ රට තුළ ආර්ථික බංකොලොත්භාවය ඇති වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදියි. මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස තමන්ට මහ බැංකු අධිපතිධුරය හැරයාමට සිදුවු බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළා. මේ අදාළ තේරිම් කාරක සභාව හමුවේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.
සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට හිමිවන ප්‍රතිලාභ සදහා ඉදිරියේදී කිසිදු හානියක් සිදුනොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. සේවක අර්ථ සාධක අරමුදල මගින් දැනට හිමිවන සියයට 09ක ප්‍රතිලාභයට ඉදිරියටත් එහි සාමාජිකයින්ට හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. බදු පැනවීමක් සිදුකරනු ලබන්නේ අරමුදල සතු මුදල් ආයෝජනය කිරීමෙන් ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්‍රියාත්මක බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව මගින් මීට පෙර සිදුකළ මුදල් මුද්‍රණය ඉදිරියට සිදුකළ හැකිවන්නේ සීමා සහිතව බවයි. රටතුළ පවතින විශේෂ ආරක්ෂක ගැටළුවකදී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටළුවකදී පමණක් මුදල් මුද්‍රණය සදහා අවස්ථාව හිමිවන බවයි රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ. එයද සිදුකළ හැකිවන්නේ භාණ්ඩාගාර බිල්පත් වටිනාකමෙන් සියයට 05ක වටිනාකම නොඉක්මවන මුදලක් බව ද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා. දේශීය ණය ප්‍රතිවෘ්‍යුහගත කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍යට අදහස්…
ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කියුබාවේ භවානා නුවරදී ආරම්භ වු ජී 77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණා. සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විවිධ බහුපාශවික සංසදයන් තුළ දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති භූමිකාව අගය කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222