- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු හා කොන්දොස්තරවරුන් එක්දහස් තුන්සියයකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත්කිරීම් සිදුකරන බවත්, ඒ සඳහා අයැදුම්පත් භාර ගැනීමද ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවා. මේ අනුව රියැදුරන් 912 දෙනකුත්, කොන්දොස්තරවරුන් 381 දෙනකුත් බඳවා ගන්න බවද සභාපතිවරයා පැවසුවා . මගින් දැනට දිවයින පුරා ධාවනය කරන බස් රථ හාරදහස් හත්සියයක සංඛ්‍යව පන්දහස් තුන්සියයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි සදහන් කළේ. මේ අනුව කොළඹ ප්‍රාදේශිකය සඳහා රියැදුරු කොන්දොස්තවරුන් 157 ක්, කළුතර ප්‍රාදේශිකය සඳහා 96 ක්, ගම්පහ ප්‍රාදේශිකය සඳහා 96 ක්, වයඹ…
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේනවා. 2020 ජුලි 09 වනදා ගත් කැබිනට් තීරණයකට අනුව 2021 ජනවාරි 01 වනදා සිට මෙම කටයුතු සිදු කළේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් . ඒ අනුව ඔවුන් රියදුරු බලපත්‍ර දස ලක්ෂ 22,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර විසි හතර ලක්ෂ 34,467 ක් මුද්‍රණය කර තිබුනා .
ලිබියාවේ ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩර්නා නගරයට බලපෑ කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තවත් 10,100 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා. ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත බලපෑ අධික වර්ෂාවෙන් ඇළ වේලි දෙකක් කැඩී යාමෙන් පසුවයි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණේ.
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 10 වැනදා රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට සම්බන්ධ ව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා. කළුතර පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මීගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට තිබෙනවා
ඩයනා කුමරියගේ සීත කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා. එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු පැහැ සීත කබායක්. එහි සුදු පැහැ බැටළුවන් සිටින අතර එක් බැටළුවෙක් පමණක් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. එබැවින් එම සීත කබාය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ බැල්ක් ෂීප්ස් ලෙසයි.
නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ඉන් ගොවීන් හැට හත්දහස් හාරසිය අට දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය අක්කර දහසය දහස් නවසිය අනුදෙකකට අධිකයි. උඩවලව ප්‍රදේශයෙන් අක්කර දාහතර දහස් අටසිය දහයකට අධික ප්‍රමාණයක් නියඟය හේතුවෙන් විනාශ වී තිබෙනවා.
නිපා වෛසරය හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සියලු අධ්‍යාපන ආයතන යළි වසා දමා තිබෙනවා. ඒ අනුව සතියක කාලයක් සදහා එම ප්‍රදේශයේ පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන වසා තැබෙනු ඇති. නිපා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 1 110 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා
බේරුවල සුනාමි ගම්මානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම ගම්මානයේ නිවාසවලට දිවා සහ රාත්‍රි කාලයේ ගල් ප්‍රහාර එල්ල වීම හේතුවෙනුයි මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ. නිවාස 68කට පමණ ජනතාව මෙම ගල් ප්‍රහාර එල්ල කිරීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
කටුගස්තොටල මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද16 උදෑසන මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින බවත් මියගිය පුද්ගලයා නිවසේ තනිවම සිට ඇති බවත් පොලිසිය පවසනවා. අදාළ නිවසේ ආරක්ෂාරව පිණිස යොදවා සිටි පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂකයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ගාතනය සිදු කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. පහර කෑ පුද්ගලයා එම සිදුවීම වූ ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් 33…
නවසීලන්ත කණ්ඩායමට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ලකුණු 100ක ජයක් හිමිකරගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 311ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 38 යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 211 ක් පමණයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222