Author: Anura Premakumara

ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයක සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකෙරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති. අදාළ කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩල නිවේදනය කළේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුව සිදුකිරීමට හේතුවී තිබෙනවා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේදී අද පොදු ව්‍යාපර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කෝප් කමිටුව හමුවට කොළඹ විශ්වවිද්‍යාලය කැඳවීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම අද දිනයේදී කෝපා කමිටුව හමුවට නැගෙනහිර පළාත් සභාව කැඳවා තිබෙනවා.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැතවීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකයන් ඊයේ තීරණය කළා. තරගයට වාර්ෂාවෙන් බලපෑම් එල්ල වීම නිසා කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාව හිමි වූයේ නැහැ. දෙරට අතර එක්දින පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

අවිස්සාවේල්ල, ඉහළ තල්දුව, ගුරුපස්ගොඩ වංගුව අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකුට ඊයේ රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇති බටට පොලීසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය සදහන් කළේ.

තව කියවන්​න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එළිදක්වා තිබෙනවා. රන්වීර් සිං ගේ රංගනයෙන් හැඩවන මෙම ගීතය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රීතම් චක්‍රබොර්තියි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. Music – Pritam Lyrics – Shloke Lal, Saaveri Verma Singers – Pritam, Nakash Aziz, Sreerama Chandra, Amit Mishra, Jonita Gandhi, AKASA, Charan Rap Written and Performed by – Charan

තව කියවන්​න

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශිකයෙකු ඊයේ(19) දින අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් , පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි. ඔහු ඉකුත් 10 වැනි දින අබුඩාබි හී දී හමු වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකුට, තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත සිය ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී තිබෙනවා. ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. පසුව මෙම මැලේසියානු ජාතිකයා , ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.…

තව කියවන්​න

රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මෙම වර්ෂයේ ජනවාරි 31 දින වනවිට පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක රේගු විමර්ශනවලදි රේගු භාරයට ගනු ලැබු රථවාහන 435ක්, බහාලුම් 91ක් තිබූ බවයි. ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 05ක අධික කාලයක සිට අදාළ රථ වාහන අංගනයේ රඳවා තිබෙනවා. විවිධ අංශ විසින් සිදුකරණ රේගු විමර්ශනවලදි රේගු භාරයට ගන්නා ලද හා වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද හා රාජසන්තක කරණු ලැබු වාහන හා බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරණ තෙක් රේගු අධික්ෂණයේ රඳවා ගැනීම සඳහා වර්ග…

තව කියවන්​න

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොස හරහා මහජනතාවට අද(20) සිට මෙම නව අඩු කරන ලද මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. එලෙස මිල පහළ දැමූ භාණ්ඩ වන්නේ සෝයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සෝ, සුදු ළුෑණු, ලොකු ළූණු සහ රතු පරිප්පුයි. සෝයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නම මිල රුපියල් 580ක් වනවා. මෙතෙක් කිලෝවක් රුපියල් 330ක්ව පැවැති දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 40කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක නව මිල වන්නේ රුපියල් 290ක්. හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල…

තව කියවන්​න