- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
ඔස්ට්‍රේලියාවේ විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන යුරේකා සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා . මෙලෙස අදාළ සම්මානය හිමිව ඇත්තේ මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා හටයි. ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදාගැනීම වෙනුවෙන් 2023 යුරේකා සම්මානයෙන් ඔහු මෙලෙස පිදුම් ලැබුවා . ඔස්ට්‍රේලියාව තුල ඉංජිනේරුවරයෙකුට ලබාදෙන උසස්ම සම්මානය වන ප්‍රොෆෙෂනල් ඉන්ජිනියර් ඔෆ් ද ඉයර් සම්මානය 2022 වසරේ හිමි කර ගැනීමට ද මහාචාර්ය කරු එස්සැල්ලේ මහතාට හැකි වුණා .. සිය වෘත්තිය දිවිය තුළ ඔහු දිනා ඇති සම්මාන ගණන 25කට අධික වන බවයි වාර්තා වන්නේ
එට්කා ගිවිසුම හෙවත් ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබෙනවා. මේ පිලිබදව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නියෝජිතයන් සැප්තැම්බර් මස 19 වනදා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්චාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . කෙසේ වෙතත් අදාළ ගිවිසුම පිලිබදව මිට පෙර අවස්ථා 11 කදී සාකච්ඡා සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා .
බංග්ලාදේශයෙන් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව වාර්තා වනවා . ඒ ඩොලර් මිලියන 50ක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එරටට ලබා දීමට කටයුතු කිරීමත් සමගයි . එමෙන්ම එම ණය මුදලට අදාළ පොලීය ලෙස ඩොලර් මිලියන 4.5ක මුදලක් ද ගෙවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ .
එළඹෙන සතියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එළඹෙන අගහරුවාදා දිනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අත්සන් තබනු ඇති අතර මෙම ගිවිසුම අත්සන් තැබිමෙන් අනතුරුව මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මෙරටට ලැබීමට නියමිතයි.
විවිධ චෝදනාවලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද (23) උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා. මොවුන් අතරින් වෙන්නප්පුව උදාසිරිගම පොලිස් වසමේ පදිංචි , සිය බිරිඳගේ දොලොස් හැවිරිදි දියණිය දූෂණය කර ඉතාලිය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි 49 හැවිරිදි සුජීව ප්‍රසන්න ප්‍රනාන්දු නැමැත්තෙකු ද වනවා. මෙම පුද්ගලයා ඉතාලියේ පදිංචිව සිට කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ තිබූ අතර, ඔහුට දියණියන් සිව් දෙනෙකු සහ එක් පුතෙකු…
ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට මේ වනතෙක් වීසා ලැබී නොමැති බවට වාර්තා වනවා. තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවට යාමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දෙදින පුහුණු කඳවුරුක් පැවැත්වීමට පාකිස්තානය කර තිබූ සැලසුමද අවලංගු කිරීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය 25 වන සඳුදා දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. එහිදී දෙදින පුහුණු කඳවුරකට සහභාගිවී සැප්තැම්බර් 29 වන දින නවසීලන්තය සමග පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්ක කරගෙන හයිද්‍රාබාද් බලා යාමටයි පාකිස්ථානයේ සැලසුම වී තිබුණේ. කෙසේ වෙතත් පාකිස්තානු කණ්ඩායමට…
ආනයනික කිරි පිටි සඳහා පනවා තිබූ බද්ද ඉහළ නැංවුවද වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක් සඳහා වූ වරාය සහ ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කටයුතු කලා. fමි අතර ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයක සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකෙරන බව ද…
ත්රස්ත ක්‍රියා විමර්ශනය සදහා නව තාක්ෂනය අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ එක්සත් ජාතීන්ගේ නේවාසික සමබන්ධිකාරක හමු වූ අවස්ථවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් . මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද අදහස් පල කළා.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එකහමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හෝමාගම – පිටිපන ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. මේ අතර නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ලෝක ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ආකෘති ත්‍රිත්වයෙහිම පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ සහ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ පළමුවන ස්ථානයේ පසුවුණා. එමෙන්ම ඊයේ ඔස්ටේ්‍රලිවට එරෙහිව පැවති එක්දින තරගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ද පෙරමුණ ගෙන තිබෙනවා. මෙම දස්කම දැක්වු ලොව දෙවැනි කණ්ඩායම ලෙසයි ඉන්දියාව ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ. මීට පෙර දකුණු අප්‍රිකාණු කණ්ඩායම 2012 වසරේදී ටෙස්ට් , එක්දින සහ පන්දුවාර 20 යන ආකෘති ත්‍රිත්වයේම පෙරමුණ ගැනීමට සමත්ව සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222