Author: Anura Premakumara

ලාෆ් ගෑස් මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985 ක් බව සදහන්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 60 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 1595 ක් වනවා. මේ අතර ගෑස් මිල ඉහළ දැමීම පිළිබදව ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.

තව කියවන්​න

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට පිටාර මට්ටමේ පවතින නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවුවහොත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි. දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12 කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා වනවා. මේ, ජලාශවල පවතින අවදානම පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පුද්ගලයෙකුට අයත් දවුලගල පොල්ගහඅංග ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ ගංජා පැලයක් රෝපණය කර තිබීම හේතුවෙන් දවුලගල පොලීසිය විසින් එම නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිවසේ ගංජා පැල වගාකර තිබෙන බවට ලද තොරතුරක් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා සමඟ පොලිස් සැරයන්වරුන් වන 46590 බඹරදෙණිය හා 49443 සිසිර යන නිලධාරීන් ගෙවත්ත පරීක්ෂා කිරීමේ දී නිවස පිටුපස තිබී අඩි 2 1/2 ක් උසට වැඩුණු ගංජා පැලයක් සොයා ගෙන තිබුණා. තම පුතා පරීක්ෂණ කටයුක්තක් සඳහා මෙම ගංජා පැලය රෝපණය කළ බව නිවසේ හිමිකරු පොලීසියට පවසා තිබෙන නමුත් ඒ බව තහවුරු කිරීමට තරම් සාක්කියක් ඔහු…

තව කියවන්​න

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කළා.

තව කියවන්​න

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පැවසුවා. පොලිසිය පැවසුවේ ඊයේ (03) රාත්‍රීයේ මෙම අනතුර සිදුවූ බවයි. කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. තුවාල ලැබූවන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමන බවයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3470 ක් වනවා. මේ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා.

තව කියවන්​න

ව්‍යාජ ලියකියවිලි සකස් කර මාස තුනක් වයසැති බිලින්දෙකුගේ රෝගි තත්ත්වයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කල කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා. සැකකාර කාන්තාවගේ සහෝදරයෙකු සහ කුලි පදනම මත ලබාගත් පුද්ගලයෙකු සහ ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන නගරයට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කිරිම සිදු කරමින් සිටියදි ඒ පිලිබදව සැකසිතු ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැදවා විමර්ෂණයක් සිදු කිරිමේදි මෙය ජාවාරමක් බවට තහවුරු වුණා. සැකකාර කාන්තාව සිය ස්වාමියාගෙන් නිතියානුකුලව වෙන් වි මෙම මුදල්…

තව කියවන්​න

මඩේ එරුනු වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ ගැනුනා. කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන අලි පැටවකු අද (04) දින හමුව තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශුවෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කලා. එම වන අලි පැටවා තරමක දුර්වල මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරණු ලැබුවා. ඉන් අනතුරුව මහත් පරීක්ෂමයක් දරමින් කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගැනීමට කටයුතු කර අතර පසුව රක්ෂිතයට පලවා හරිණු ලැබූවා. මෙම වන…

තව කියවන්​න

මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම සමබන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකොට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා යාපනය කෝපායි ප්‍රදේශයේදී අද (04) උදෑසන මිනිස් දම්වැල්ක් ලෙස සංවිධානය වෙමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණා. කෝපායි නගරයේ පැවති මෙම විරොධතාවය වෙනුවෙන් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු හිටපු පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිස්ක සහභාගී වී සිටියා. මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වණරාජා මහතා පසුගිය සැප්තම්බර් 23 වනදා තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසමින් ඉල්ලා අස්වීමේ ලිපියක් අධිකරණ සේවා කොමිෂණ් සභාව වෙත භාර දී 24 වනදා විදෙස්ගතව තිබුණා. විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බවටත් මෙම නීතියේ ස්වාධීනත්වයටද…

තව කියවන්​න

2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. 2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවූ ශ්‍රි ලාංකිකයින් ගණන 3460 ක් වන අතර, එය මේ වසරේ මුල් මාස නවය හා සැසදීමේදී රැකියා සඳහා පිටත්ව යාම 44% න් වර්ධනය වී ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිල සංචාරයක් සඳහා ඊයේ දින (2023.10.03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුරදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද  නියමිතයි. මේ…

තව කියවන්​න