- දියේ ගිලී අයෙක් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
- කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
- කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
- රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
- ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
Author: Anura Premakumara
නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන එන්.බී. 8933 දරණ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල්කර තිබියදී 12 වනදා රාත්‍රීයේ කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට ඇතුළු වී බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා බස් රථයේ එන්ජිම තුළට යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් දමා ඇති බවට එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ට් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. රාත්‍රී කාලයේ බස් රථය ගාල් කර උදෑසන බස් රථය ධාවනය කිරීමට ප්‍රථම එන්ජීමේ තෙල් පරීක්‍ෂා කිරීම සඳහා එන්ජිමේ ආවරණය…
දිනෙන් දින උග්‍රවන වල් අලි තර්ජන හේතුවෙන් මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා වනවා. එයට ආසන්නම සිදුවීම ලෙස මැදවච්චියේ වවුනියාව මාර්ගයේ පිහිටි පූනෑව පාසල අසල රාත්‍රී රථවාහන පරික්ෂා කිරීමේ සේවයේ යෙදී සිටි රථ වාහන පොලිස් නිලධාරින් හට ඇතෙකු විසින් කිහිප වතාවක් පහරදීමට උත්සහ දරා ඇති බවත් එම සිදුවීම් හමුවේ මෙම පොලිස් නිලධාරින් දිවගොස් තම ජීවිත බේරාගෙන ඇති බවටත් වාර්ථා වනවා. මැදවච්චිය නගරයේ සහ එහි අවට කැබිතිගොල්ලෑව හයිවේ ට්‍රැෆික් නිලධාරින් සහ පොලිස් ස්ථානවලින් යොදවා ඇති ට්‍රැෆික් නිලධාරින් රැසක් රාත්‍රී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි. දිගින් දිගට රථවාහන අනතුරු, මාරාන්තික රිය…
ගිලන් රථ රියදුරෙකු විසින් සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළදීම අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියදුරෙකු සම්බන්ධයෙනි. අදාළ ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහල වෙත මාරු කරන ලද තරුණියක් රැගෙන ගොස් ඇත්තේ අදාළ ගිලන් රථ රියදුරුවරයා සහ සෞඛ්‍ය කාර්ය සහායිකාවයි. රෝගී තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු ප්‍රාදේශීය රෝහල වෙත යන අවස්ථාවේදී පාළු ස්ථානයක දී රියදුරු ඇයට අතවර කර තිබෙන බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. ගිලන් රථයේ රියදුරුවරයාගේ තර්ජනයන් හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති බවද අනාවරණ…
කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කර බැන වැදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙක් දිඹුලපතන පොලිසිය මගින් අද(14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝසිටා ප්‍රදේශයේ අද(14) දින සිදු වූ ත්‍රීරෝද රථ අනතුරකින් තුවාල ලැබූ තුවාලකරුවෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පසුව එම තුවාලකරුට කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මූලික ප්‍රතිකාර ලබාදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් තරුණයින් දෙදෙනෙකු කොගටල ප්‍රාදේශීය රෝහලේ කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කළ බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරයකු විසින් දිඹුලපතන පොලිසිය…
ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(14) පස්වරුවේ නානුඑය දුම්රිය ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කන්ද උඩරට කාර්ය බහුල දුම්රිය ස්ථානයක් ලෙස හැඳින්වෙන නානුඔය දුම්රිය ස්ථානයේ දැනට පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති එච්.එල්.ඩී.පී.එච්. ලියනගේ මහතා ඇතුළු සේවකයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. දැනට නානුඔය දුම්රිය ස්ථානයේ පවතින ප්‍රධානතම අඩුපාඩුකම් කඩිනමින් සපුරාදීමටත් අමාත්‍යවරයා මෙම සංචාරයේදී එකඟතාවය පළකර තිබෙනවා. නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම සේවාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(14) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසනවා. අද(14) දින පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල ලොංගස්දෙනිය පින්නගොල්ලවත්ත, කෝලවත්ත සහ ගොරකදෙනිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති. එසේම රන්පොකුණුගම, රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ජල සැපයුම අත්හිටුවනු ලබන අනෙක් ප්‍රදේශ වන්නේ ඌරාපොළ, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කකල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශයි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ජල සැපයුම අත්හිටුවීම නිසා සිදුවන අපහසුතාවය සම්බන්ධානය සිය කනගාටුව පළ කරන බවයි.
හංවැල්ල, පහත්ගම, තුන්නාන ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙක් ඉලක්කර කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ තුන්නාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ. දැනට ඩුබායිහි හි සිටින ලලිත් කන්නන්ගරගේ සමීපතමයකු බව කියන ඉරේෂ් නමැත්තෙකුගේ පියාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා මීගොඩ ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් ලලිත් කන්නන්ගර නමැත්තාට චෝදනා එල්ල වනවා.
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී අද(14) දින අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් එම කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙක් තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි නානුඔය පොලිසිය පවසන්නේ. හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේ අද(14) උදෑසන හයට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනව නානුඔය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සැක පළ කරන්නේ නානුඔය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සහ දැඩි මීදුම් තත්ත්වය හමුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුකරකථන රැහැන් සහිත…
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. පුදේශයේ කුඹුරු යායක වැඩ කිරීමට පැමිණි පුද්ගලයෙකු කකුල් සේදිම සඳහා වැවට ගිය අවස්ථාවේදි එම පුද්ගලයා හට උණ්ඩ කීහිපයක් හමුව තිබෙනවා. පසුව ඒ පිළිබඳ සැකයක් මතුවී පොලිස් හදීසි ඇමතුම් අංකය 118 මගින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට එම පුද්ගලයා කටයුතු කර තිබෙනවා. මේ අතර ගලෙන්බිඳුණුවැව හුරුළු වැවේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකුට ඔවුන් දිය නෑමට වැවට…
මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නෙ මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවත් එම උණ්ඩ කොපු වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබියදී සොයා ගත් බවයි පොලිසිය පවසනවා. ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව මුහුනු වසාගත් නාඳුනන සැකකරුවන් දෙදෙනා මුතුහේනවත්ත මාර්ගය දෙසට පලාගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222