Author: Anura Premakumara

නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහන් කළේ. ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 144ක් කොස්ලන්ත තේ කර්මාන්තශාලාවටත් පවුල් 23ක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවය යොමු කර තිබෙනවා. එමෙන්ම නායයාමේ අවදානම මත තවත් පවුල් 81ක් කොස්ලන්ද සිංහල විද්‍යාලයට සහ කොස්ලන්ද දමිල විද්‍යාලයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා නායයාම් රතු නිවේදනය නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත්…

තව කියවන්​න

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කෑගල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. යෝජිත අය-වැය මගින් අධ්‍යාපනය සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවට එල්ල වන චෝදනාවන්ට ද රන්ජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. මේ අතර මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකර ගෙන තිබෙනවා. ඊයේ පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව තිබෙනවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන ඇති බව ද සඳහන්.

තව කියවන්​න

දෙණියාය නාථගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දෙණියාය පොලීසිය සඳහන් කලේ. අනතුරන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක්. සෙසු තුවාල කරුවන් වූ ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

තව කියවන්​න

මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකදියි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් ඇතුළු ව්‍යාපාරිකයින් පිරිසක් ආසියානු සංවර්ධ බැංකුවේ මෙරට නියෝජිතයින් හමුවී තිබෙනවා. සහන පොලියට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මේ තුළින් හැකිවනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

තව කියවන්​න

කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට හමුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවු අවස්ථාවේදි මේ බව අනාවරණ වුණා. කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී කිමිදුම්කරුවන්ට ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාවලියේ ප්‍රගතිය නිලධාරීගෙන් විමසා සිටියා. එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ එක් රක්ෂණ ආයතනයක් පමණක් ඊට එකඟ වී ඇති බවයි.

තව කියවන්​න

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ අයර්ලන්තය ලකුණු 24 ට 28ක් ලෙස පරාජයට පත් වුණා. නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයේදී ආජන්ටිනාව සමග තරග වැදීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහන් කළේ. ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 144ක් කොස්ලන්ත තේ කර්මාන්තශාලාවටත් පවුල් 23ක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවය යොමු කර තිබෙනවා. එමෙන්ම නායයාමේ අවදානම මත තවත් පවුල් 81ක් කොස්ලන්ද සිංහල විද්‍යාලයට සහ කොස්ලන්ත දමිල විද්‍යාලයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

අමෙරිකා එක්සත් ජනපදයට අයත් තවත් ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් සහ ප්‍රහාරක කණ්ඩායමක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට පැමිණ තිබෙනවා. ඒ දැනටමත් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර ඇති අමෙරිකානු යුද නෞකාවක් වන USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් නෞකාව සමග එක්වී ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. අමෙරිකානු හමුදාව පවසන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර ගැටුමට අනෙකුත් කණ්ඩායම් සම්බන්ධවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය මෙලෙස සිය දෙවන ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට යොමු කළ බවයි. ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියාවන් වැළැක්වීමට මෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු යුද්ධය පුළුල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක කොටසක් ලෙස මෙම පියවර…

තව කියවන්​න

සෙනසුරාදා රාත්‍රීයේදී ගාසා තීරයේ හමාස් මූලස්ථානය ඇතුළුව හමුදාවන් රැස්ව සිටි ස්ථාන, ප්‍රහාර එල්ල කිරීමට සූදානම් සිටි ස්ථාන, ටැංකි නාශක මුරපොලවල් සහ නිරීක්ෂණ ස්ථාන ඇතුළුව සියයකට අධික මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක  හමුදාව පවසනවා. සෙයිටූන් සහ ඛාන් යුනිස් යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කළ බවයත් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ හමුදා මූලස්ථානයද විනාශ කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ. මේ අතර පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට මුල් වූ ඛාන් යුනිස් හි හමාස් සංවිධානයේ නුක්බා හමුදා අණදෙන නිලධාරි බිලාල් අල් කෙද්‍රා ඊයේ රාත්‍රියේ මරා දැමූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා. ගාසා තීරයේ හමාස් මාධ්‍ය කාර්යලය පවසන්නේ උතුරු ගාසා නගරයේ සහ දකුණේ…

තව කියවන්​න