Author: Anura Premakumara

එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 38න් පරාජයට පත් කරමින්. මෙම තරඟය ඉතිහාසගත වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව නෙදර්ලන්ත කණ්ඩායම වාර්තා කළ පළමු එක්දින තරඟ ජයග්‍රහණය ලෙසයි. මෙම තරඟය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඉනිමක් පන්දුවාර 43ට සීමා කරනු ලැබුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245ක්. එහිදී නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී පන්දු 69 කදී ලකුණු 78 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලුනිග් එන්ඩිගී, මාර්කෝ ජන්සෙන් සහ කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින්…

තව කියවන්​න

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට සති 3ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම තීරණයෙන් පැයක් ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නැවතත් සති තුනක සේවා දිගුවක් ලබා දීමට පියවර ගෙනඇති බවයි වාර්තා වන්නේ. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණා. කෙසේවෙතත් ඒ මහතාට මාස 03 ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ අතර එම සේවා දිගුව අවසන් වූයේ පසුලිය ජුනි 26 වනදායි. යළිත් වතාවක් තවත් මාස 03ක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ…

තව කියවන්​න

එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් මහතා අතර නිල හමුවක් ඊයේ පස්වරුවේ බීජිං නුවරදී පවත්වා තිබෙනවා. ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ගාසා තීරයේ මතු…

තව කියවන්​න

කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා. කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර අතර හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුරට පරීක්ෂණ සිදුකරනු ලබනවා.

තව කියවන්​න

යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී . මේ අතර යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා සිදු වුනා. ඒ අනුව මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට ලබා දෙනු ලැබුවා. මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් . ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් නාගරික…

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර යන පළාත්වලත් මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කලේ .

තව කියවන්​න

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා ඉදිරිපත් කල හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවයි. එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව සදහන් නොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතිනවා. දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එම නිවේදනයෙහි සඳහන් වන්නේ කිසියම් අයෙකු ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවයි.

තව කියවන්​න

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ගාර්සා දින 05ක සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා. මාරියා ගාර්සා එම මණ්ඩලයට පත්වූ පළමු සභාපතිනිය ද වනවා. මෙම මස 22 වැනිදා දක්වා මෙරට රැදී සිටින ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ද හමුවීමට නියමිතයි. ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ ශාඛාවන් රටවල් 170ක පිහිටා තිබෙන අතර එහි සාමාජිකයින් කෝටි 4.5ක් සිටිනවා.

තව කියවන්​න

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. ඒ අනුව පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ. මෙහිදි පාර්ලිමේන්තුව ආරම්භයේදීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සදහායි. කතානායකවරයා විසින් ඒ පිළිබදව මෙලෙස සභාවට දැනුම් දුන්නා. මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34 ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින මෙලෙස නිවේදනය…

තව කියවන්​න

2024 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින්. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබදතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

තව කියවන්​න