Author: Anura Premakumara

ආන්දෝලනයට ලක්ව ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමේදි සිදුව ඇති අක්‍රමිකතාව පිළිබද ජනාධිපතිවරයා මැදිහත්ව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළ නිලධාරීන් පත්කර ඇත්තේ ජනාධිපතිවරයා බැවින් එහි වගකීමෙන් මිදිමට ඔහුට නොහැකි බවයි. ජනතාවගේ ජීවිත හෑල්ලුවට ලක්කර සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්ව තීන්දු තීරණ ගතයුතු බවයි.

තව කියවන්​න

මේ වසර තුළ මේ දක්වා සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 28,441 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 28,000ක් පමණ සිදුකර ඇති බවයි. අදාළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 3,756 දෙනෙකු කාන්තාවන් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ. එම වැටලීම් මගින් සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 260ක් ඉක්මවන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දිස්ත්‍රික් 09ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 03 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයට මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණා. මේ අතර අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

තව කියවන්​න

උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වු ආයෝජන කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මේ වන විට ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. ධීවර කර්මාන්තයට අදාළ නව අයෝජන අවස්ථා ලබා ගැනීම මගින් නව රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියල් නිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා. ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාටද පාඩුගෙන දෙමින් අතරමැදියන් පිරිසක් අයතු ලාබලැබු ධීවර මාෆියාව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

අනාගත දේශගුණ විපර්යාසවලට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීට රටවල් කේන්ද්‍රකර විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. චීන නිල සංචාරක නිරත ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. අදාළ නව වැඩපිළිවෙල අනාගත දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට දැවැන්ත රුකුලක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. දේශගුණ විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයක ශ්‍රී ලංකාව යෙදී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

තව කියවන්​න

සියයට 22 කින් ඉහළ දැමීමට ඉල්ලා තිබූ විදුලි ගාස්තු සංශෝධනය සියයට 18 ක් දක්වා පහළ දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණඩලය අද දින මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා. විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව උපයෝගිතා කොමිසමේ මහජන අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මණ්ඩලය පුරෝකථනය කළ සමස්ත අලාභය රුපියල් බිලියන 32 සිට රුපියල් බිලියන 18 දක්වා පහළ යාම මීට හේතු වී ඇති බවයි. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි නරේන්ද්‍ර ද සිල්වා මහතා. මේ අතර මෙම වසරට අදාළව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා…

තව කියවන්​න

කොළඹ කාසල් වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක දරුවෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා. දරුවාගේ පෙනහළුවලට රුධිරිය ගලා යාම හේතුවෙන් මෙම මරණය අද(18) සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම බිළිඳ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් 15 වෙනිදා මෙම දරුවන් කාසල් කාන්තා රෝහලේදී උපත ලැබූ අතර ඔවුන් සියලු දෙනා පිරිමි දරුවන් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

භාණ්ඩ වර්ග පහක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික ටින් මාළු(ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650ක් වනවා. දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් පහකින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 545ක්. මෙතෙක් රුපියල් 1120ක්ව පැවැති මුං ඇට කිලෝවක් රුපියල් 20කින් පහළ දමා තිබෙනවා. රුපියල් 1100ක්ව පැවැති හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 1090ක්. මේ අතර කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10කින් පහත දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 540ක් දක්වා අඩු වී තිබෙනවා.…

තව කියවන්​න

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සමක් අද(18) දිනයේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 45ක් ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව වෙත දන්වා තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිවිල් සංවිධාන, මාධ්‍ය නීති සංසදය, සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, සහ සමාජ සාධාරණත්ව පක්ෂය ආදී පක්ෂද පෙත්සම් ගොනුකර තිබෙනවා. එසේම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද අදාළ පනත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 31 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. මින් පෙර අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ පෙත්සමට අදාළ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ්. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ. එහෙත් අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නඩුව අද කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මේ බව කියා සිටියා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින්…

තව කියවන්​න