- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන ඡංගම සේවාවක් අද මඩකලපුවේදී පැවැත්වෙනවා. නැගෙනහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කර ඇත්තේ. මෙහිදී මඩකලපුව හින්දු විද්‍යාලයේදීයි මෙම ඡංගම සේවාව පැවැත්වෙන්නේ. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදුකරගත හැකි සියලුම කාර්යන් අද දිනය තුළ මෙම ඡංගම සේවාව මගින් සිදුකර ගතහැකිවනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ ජල සැපයුම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකගතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය ලැබෙන බවයි ඔහු සදහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකගතාවන් ද නුදුරේදීම අවසන් කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ දුෂණය අවම කිරීම සහ විනිවිද භාවය වැඩි කිරීම රජයේ ප්‍රධානතම අරමුණ බවයි.
චීන නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යළි දිවයිනට පැමිණි බවයි. ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වුණා. මෙහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සදහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහය දෙන බවයි. මේ අතර යෝජිත දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සදහා අධ්‍යයන හා තාක්ෂණ අංශ ඔස්සේ සහය ලබා දීමට චීන ආයතන රැසක් කැමැත්ත පළකර තිබුණා. ඒ අදාළ ආයතන ප්‍රධානින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර…
ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදියි. 2018 වසරේදී කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනුයි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට චෝදනා එල්ල වුණා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත නිදහස් කරනු ලැබුවා. ඒ අනුව මීට පෙර පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සැකකාරියට එරෙහිව නඩු කටයුතුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. අදාළ…
ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරකින් යුක්ත වන බවටයි වාර්තා වන්නේ. මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුලදී එහි පැමිණි නාවිකයන් පුහුණු වැඩසටහනක් කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි. එමෙන්ම ඔවුන් මෙරට වැදගත් ස්ථාන කිහිපයක ද සංචාරය කිරීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.
ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තානාපති කාර්යාල හරහා මොවුන් පිළිබද නිරන්තරයෙන් සොයා බලන බවයි. මේ අතර ඊශ්‍රායල – පලස්තීන යුදගැටුම් ආරම්භ වී අදට දින 13 ක් ගතව තිබෙනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. සභා වාරයේදී සිය නිවේදනය යටතේ කතානායකවරයා කියා සිටියේ මෙම වසරේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා කාලයට අදාළව එම වාර්තාව සකස් කර ඇති බවයි. මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ තවත් පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබී ඇති බවද ඔහු කියා සිටියා. එමෙන්ම අද දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල අලුතින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ නිවැරදි නියාමනයකින් තොරව විශ්ව විද්‍යාල…
ාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධූරය සදහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැවතත් එම ධූරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් පොලිස්පති ධූරය සදහා සේවා දිගුවක් ලබාදීමටයි චීනයේ බෙයිජිං නුවර සිට අවශ්‍ය නියෝග නිකුත් කරනු ලැබුවේ. මේ අතර පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් සති 3 ක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීම හේතුවෙන් නැවතත් ඔහුව ජනාධිපතිවරයා විසින් පත් කළේ කුමන අරමුණකින්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩුවෙන් විමසා සිටියා. මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත…
මහ කන්නය ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මී උණ රෝගීන් 7000 කට අධික ප්‍රමාණයක් වසරකදී වාර්තා වන අතර ඉන් 125 දෙනෙකු පමණ මරණයට පත්වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ හේතුවෙන් වයස අවුරුදු 20 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වැඩිවශයෙන් මිය යන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222