Author: Anura Premakumara

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කර තිබෙනවා . ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බවයි. මේ අතර, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20 ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර තිබේනවා. එමෙන්ම දෛනිකව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා ධාවනය වූ දුම්රියේ වේලාවද සංශෝධනය කර ඇති බව සඳහන් . මීට අමතර ව දෛනිකව කුරුණෑගල සිට මහව හංදිය දක්වා…

තව කියවන්​න

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අමෙරිකානු ජාතික මවක් සහ දියණියක් නිදහස් කර තිබෙනවා. ජුඩිත් සහ නටාලි රානන් නම් වූ ඔවුන් දෙදෙනාව ගැටුම් අතරතුර ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් ප්‍රදේශයේදීයි. ඔවුන් දෙදෙනා මේ වනවිට ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල පිහිටි හමුදා කඳවුරක් වෙත ගමන් කරමින් සිටින බව ඊශ්‍රායල විදෙස් මාධ්‍ය වාර්තා කළා. හමාස් සංවිධානය විසින් තවත් ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් 200ක් පමණ ගාසා තීරයට රැගෙනගොස් තිබෙනවා.

තව කියවන්​න

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 දෙනෙකු රැගෙන එලායන්ස් සමාගමට අයත් ගුවන් යානයක් පලාලි ගුවන් තොටුපලට පැමිණෙනවා. එමෙන්ම ඊට අමතරව රත්මලාන ගුවන් තොටුපළේ සිට සෑම සතියකම ඩී.පී ඒවේෂන් සමාගමට අයත් ගුවන් යානා 4ක් සහ සිනමන් එයාර් සමාගමට අයත් ගුවන් යානා 4ක් පලාලි ගුවන් තොටුපල දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකරනු ලබනවා.

තව කියවන්​න

වෙඩි වැදීමක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා තම නිල නිවස තුළ මියගොස් සිටියදී සොයා ගත් බවයි මෙය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය කියා සිටියේ. ඇහැලියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

තව කියවන්​න

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොතලාවල මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණා. ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපතිවරයෙකු වනවා. එමෙන්ම ඔහු සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි. ලක්නව් හිදී පැවැත්වෙන තරගය අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දුවන ක්‍රිඩක මතීෂ පතිරණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ උරහිසේ මතුව තිබෙන ආබාදය තවමත් සුව වී නොමැති බවයි වාර්තා වන්නේ.  අද තරගය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නිවාස් නවීඩ් මහතා මෙලෙස මාධ්‍යට අදහස් පකළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග තුනකට සහභාගි වී ඇති අතර එම තරග තුනම පරාජයට පත්වුණා. නෙදර්ලන්තය තරගාවලියේ මේ දක්වා තරග 03කට ක්‍රිඩා කර ඇති අතර ඔවුන්…

තව කියවන්​න

වෙනිසියුලාව බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සූදානම් වනවා. ඇමෙරිකා සම්බාධක හමුවේ වෙනිසියුලාවට ඛණිජතෙල් අපනයනය සිදු කිරීමට පසුගිය කාලයේදී හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වුවද ඇමෙරිකාව වෙනිසියුලාවට 2019 දී පැනවූ සම්බාධක ලිහිල් කිරීමට පසුගිය බදාදා පියවර ගත්තා. ඒ අනුව වෙනිසියුලාවට ඛණිජ තෙල් නිෂ්පාදනය,  අලෙවිය හා අපනයනය සදහා මාස 6ක කාලයකට අවසර හිමිවනවා. වෙනිසියුලා රජයට අයත් බොරතෙල් නිෂ්පාදන සමාගම තම මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ මතභේදයට තුඩු දී ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන්නුයි. එහිදී අදාළ ඖෂධ ආනයනය කළ සමාගම විසින් ව්‍යාජ ලේඛණ භාවිත කරමින් මෙරටට ඖෂධ ගෙන්වා ඇති බව අනාවරණ වී තිබුණා. ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ. මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක් ද ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම එම හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම සමුළුව පස්වරු 02කට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට රාජ්‍ය ත්‍රන්තිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වනු ඇති. මේ අද පැවැත්වෙන සමුළුව පිළිබද මාධ්‍යට අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා. පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙහිදී අදහස් පලකළා. ඔහු කියා සිටියේ මෙවර සම්මේලනයේදී ජාතියට වැදගත් තීරණ කිහිපයක් ජනාධිපතිවරයා විසින් අද ප්‍රකාශ කරනු ඇති බවයි.

තව කියවන්​න

බදු අයකර ගැනීම පිළිබද නිවරදි තීන්දු තීරණ මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. බදු මුදල් අයකිරීම වැඩි වුවද බොහෝ ආයතන බදු ගෙවීම් පැහැර හැර ඇති බවයි රවී කරුණානායක මහතා සදහන් කළේ.

තව කියවන්​න