Author: Anura Premakumara

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයෙන් ලකුණු 149ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණුඅප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරග පැවැත්වුණේ බංග්ලාදේශය සමගින්.තරග යේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා .ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 382ක් ලබාගැනීමට සමත් වූවා. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 140කදී ලකුණු 174ක් රැස් කිරීමට ක්වින්ටන් ඩි කොක් සමත් වූවා. ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් අන්තර්ගතයි.හෙන්රිච් ක්ලා සන් පන්දු 49ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර අටක් සමගින් ලකුණු 90ක් රැස් කර ගැනීමට සමත් වූවා.…

තව කියවන්​න

ඉන්දියාවේ පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව එරට වායු දූෂණය බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා. දීර්ඝ කාලයක් වායු දූෂක අංශුවලට නිරාවරණය වීම හේතුවෙන් මෙම පිළිකා අවදානම ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම වායු දූෂණය, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම සියයට 28 කින් පමණ ඉහළ දමන බවයි එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ. මෙම තත්ත්වය පෙනහ`ඵ නොවන පිළිකා ඇති වීමට හේතු වන බවද එම වාර්තාව මගින් හෙලි කර තිබෙනවා.

තව කියවන්​න

ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සදහා හේතුවක් වන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ද මුදල් අමාත්‍යංශයේදී  පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවේදී විධායක අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

තව කියවන්​න

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසයි. ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් වනවා. සැකකරු හැටන් මූලස්ථාන පොලිස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති බවයි.

තව කියවන්​න

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙහිදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ සැක සහිත පාර්සලයක් ගෙන යාම සදහා පුද්ගලයින් දෙදෙනෙකු සුඛෝපභෝගි රථයකින් පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් බිමට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මත්ද්‍රව්‍ය පාර්සල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් පැමිණිලි කර තිබෙනවා.…

තව කියවන්​න

මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බැංකුවේ දැඩි අවදානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මත්පැන් මිල සම්බන්ධයෙන් ද මෙලෙස අදහස් පළ කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය මෙරටට ලැබෙන කාලවකවානුව තමාට ද නිශ්චිතව කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියා.

තව කියවන්​න

රටවල් 7 කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළු වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළු වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවනු ඇති . සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම පියවර ලබන වසරේ මාර්තු මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් වන බවයි. මෙම පියවර තුලින් එම රටවල් හතෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවට රජය විශ්වාස කරන බව අමාත්‍යවරයා සදහන් කළා. ඒ අනුව, මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගාස්තුවකින් තොරව වීසා ලබා ගැනීමට හැකි වනවා.

තව කියවන්​න

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් ඇතුලු තවත් අයෙකුගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙලෙස අසාදු ලේඛනයෙන් නම ඉවත් කර ඇති අනෙක් පුද්ගලයා වන්නේ යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි මුරුගේසු ශ්‍රී ශන්මුගරාජායි යන අයයි. එමිල් කාන්දන් නැමැත්තාට අන්තර්ජාතික පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගය අද ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙනවා. දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. තරගය පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර නවසීලන්තය පරදා ලැබූ ජයත් සමග සත්කාරක ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම තරග කළ තරග 5 ම මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත්, තෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා. සිව් වන, පස් වන සහ හය වන යන ස්ථානයන් හි පිළිවෙලින් ඕස්ටේ්‍රලියාව, පාකිස්ථානය සහ බංගලාදේශ කණ්ඩායමයි පසු වන්නේ.…

තව කියවන්​න

තම රට තුළ රඳවා සිටින හමුදා කණ්ඩායම් වහා ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ඉන්දියානු රජයට දන්වා තිබෙනවා. බී.බී.සී. පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් තමා අදාළ ඉන්දීය මහකොමසාරිස්වලරයට දැනුම් දුන් බවයි. මෙය තමා විසින් මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් කාරණයක් බවත් එය ඉටු කිරීම සියවගකීම බවත් මාලදිවයින් ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසනා තිබෙනවා. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිසු චීන ප්‍රතිපත්තිය මූලික කර ගනිමින් කටයුතු කළ අතර හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ ඉන්දීය ප්‍රතිපත්තය මූලික කරගනිමිනුයි.

තව කියවන්​න