Author: Anura Premakumara

සීනිගම මහා දේවාලයේ කපු මහත්වරුන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ. මෙම කපු මහතුන් චෝදනා කරන්නේ තමන්ට ලැබෙන ගුරු පඬුර කිසිවකුට අයිති නොමැති බවයි.

තව කියවන්​න

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50ත් – 60ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදු කරනු ලබනවා.

තව කියවන්​න

නීති විරෝධී මත්කරල් තොගයක් සමග අම්පාර ප්‍රදේශයේ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායේ කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කාර්තිව් – සමන්තුරේ මාර්ගයේ කාර්තිව් නාම පුවරුව ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදීයි. එහිදී බලපත්‍රයක් නොමැතිව මත්කරල් 500ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා. විශේෂ කාර්ය බලකාය අණදෙන…

තව කියවන්​න

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජාතික හැදුනුම්පත සහිත පිටපතක් සදහා වන ගාස්තුව රුපියල් 1000 ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙනවා. ඊට අමතරව ජාතික හැදුනුම්පත් පිළිබද විස්තරවල සත්‍යතාව සහතික කිරීම සදහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 25 ක් ලෙසත් එය භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වලරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500 ක් ලෙසත් අය කිරීමට නියමිතයි. මීට අමරතරව ජාතික හැදුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන්…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. ඉන්දියාවේ බැංගලූර් හිදි දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයට සුදුසකම් ලබා ගැනීම සදහා සිය දායකත්වය උපරිමයෙන් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක් වූ ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

තව කියවන්​න

උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමින්. ඉංජිනේරුවෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත…

තව කියවන්​න

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණ්‍යක් පවත්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සැරසෙන බවට වාර්තා වනවා. ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් ගොඩ නගා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. අදාළ ප්‍රබලන් පිරිස ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් මුලින් පවත්වා මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මහ මැතිවරණයේදී පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති වීම විශාල පාඩුවක් බවටයි. එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තව කියවන්​න

ගාසා තීරය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ ප්‍රකාශයක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය සිදු කරන දිනය ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 6,500 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ පලස්තීනයේ සරණාගත කඳවුරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහිසී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් නවතා සටන් විරාමක් වෙත යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ක්‍රියාමාර්ගයද අසාර්තක වී තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රීකට් තරඟාවලියේ 24 වැනි තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 309න් පරාජයට පත් කරමින්. මෙම තරඟය ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 399ක් රැස් කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44දී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු 40න් මැක්ස්වෙල් රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන තරඟාවලියකදී ක්‍රීඩකයෙක් රැස් කළ වේගවත්ම ශකය ලෙසයි. එමෙන්ම මෙහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 104ක් සහ ස්ටීවන්…

තව කියවන්​න