Author: Anura Premakumara

අමෙරිකාවේ මේන් ජනපදයේ ලුවිස්ටන් – මේන් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි රොබට් කාඞ් නම් පුද්ගලයෙකු බවයි. එමෙන් ම ඔහු මීට පෙර මේන් ප්‍රාන්තයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන බවටද තර්ජනය කොට තිබුණා. එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ලුවිස්ටන් පොලීසිය සඳහන් කර ඇත්තේ. අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තව කියවන්​න

චීනය මිනිසුන් සහිත ශෙන්ශොව් – 17 අභ්‍යාවකාශ යානය අද පෙරවරුවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව දියත් කරනු ලැබුවා. මෙම යානය ගගනගාමින් තිදෙනෙකුගෙන් සමන්විත අතර චීනයේ අභ්‍යාවකාශ මෙහෙයුමක් සදහා එක්වූ ලබාලතම ගගනගාමින් තිදෙනා මොවුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මොවුන් අවුරුදු 33, 34 සහ 48 යන වයස්වල පසුවනවා. මෙම පිරිස අභ්‍යාවකාශ මධ්‍යස්ථාන මෙහෙයුමක් සදහා මාස 6 ක පමණ කාලයක් රැදී සිටීමට නියමිතයි.

තව කියවන්​න

ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. ගුරු – විදුහල්පති සහ සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතාවය ඇතු`ඵ ගැටලු පිළිබදව සිදු කළ විරෝධතාවය විසුරුවා හැරීම සදහා ඊයේ දින ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මේ පිළිබදව සැලකිල්ලට ගනිමිනුයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිය කණගාටුව ප්‍රකාශ කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

තව කියවන්​න

අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා අඝාත සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ සෑම අවුරුදු 25 කට වැඩි පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝග වැළදීමේ අවදානමක් පවතින බවයි. මුහුණේ එක් පැත්තක් ඇද වීම, වචන පැටලී යාම ආදිය අඝාතයේ රෝග ලක්ෂණ වනවා. අඝාතය හේතුවෙන් ලොව මිලියන 6.5 කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 58 ක්ම පිරිමි පුද්ගලයින් වන බවටයි වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ. එළඹෙන 29 වන දිනට යෙදෙන අඝාත දිනයට සමගාමිව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

තව කියවන්​න

රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජනබලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ උසස් අධ්‍යාපනය පිළිබදව දැරිය යුතු වගකීම්වලින් රජය ඉවත් වෙමින් සිටින බවයි.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය ජාවාරම විසින් මෙරට දරුවන් බිලිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්කුඩු ජාවාරම්වල නිරත පුද්ගලයින්ව රක්ෂිත බන්ධනාගාරවලින් බේරා ගැනීම සදහා කමාන්ඩෝ බලඇණි නිර්මාණය වී ඇති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කර සිටියේ.

තව කියවන්​න

උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර සෙසු පළාත්වල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ වන විට ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බවයි. වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල උත්සන්න වීම හේතුවෙන් ආහාර ලබා ගැනීම ද අඩු කර ඇති බවයි සීතා ඇතින්නගේ හිමිකරු ප්‍රකාශ කළේ. බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ ද රජයෙන් තවමත් වගකිවයුතු කාර්යයක් සිදු නොවූ බවටයි එස්.එම්.රොෂාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළදසැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝග්‍රෑම් 1486 ක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස සොරාගත් පැරණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 කට අධික බවයි පොලිසිය සදහන් කළේ. වැල්ලවත්ත මැනිං පොදු වෙළදපොලේ 4 වන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම සොරකම සිදුව ඇති බව සදහන්. ඒ අනුව මේ පිළිබද වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කෙරුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී මෙම ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 31 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න