- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අර්ධ අවසන් වටයෙන් ආජන්ටිනාව පරාජය කරමින්. ඒ අනුව ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත්තා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. වප් පොහොය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථානවල විවිධ ආගමික වතාවත් සිදුකෙරෙනවා. වප් පොහොය පිළිබද වී නිව්ස් තබන සටහනක් මේ වප් පොහොය වෙනුවෙන් වී.එෆ් ගුවන් විදුලිය පවත්වන සාදු නාද වැඩසටහන අද දිනය තුළ ද විකාශය වනවා. වප් පොහොය දා හිමිදිරි ධර්ම දේශනාව පෙරවරු 07.00 ට පුජ්‍ය බැද්දෙවෙල ධම්මකිත්ති ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකරනු ලබනවා. ජිවිතයට බුදුදහම සදහම් කතිකාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය නහකඩියේ නන්ද ස්වාමීන්වහන්සේ සහ පුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසිනුයි. ජුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසින් සද්ධර්ම දේශනාව සිදුකරන ලබනවා. පස්වරු 04ට විකාශය වන කාව්‍යම ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය…
එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුළු එකක තියුණු ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. චෙන්නායි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46 යි පන්දු4ක් තුළ සියල්ලන් දැවී ලකුණු 270ක් රැස් කළා. පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ ෂවුල් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශම්සි කඩුළු 4ක් බිද හෙළිමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 47 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 271ක් ලබා සිය ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ඇඩෙන් මාර්ක්ක්‍රම් ලකුණු 91ක් ලබා ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළිනොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාලව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාල ලේඛන සහ මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥවරයා එහිදි අධිකරණයට දැනුම් දුන්නා. ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාල රැස්වීම්…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයෙන් අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළදී ඉරාකය සහ සිරියාවේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු හමුදාවන්ට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ප්‍රතිප්‍රහාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පලස්තීනයට පක්ෂපාති ඉරානයේ ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදාවට එලෙස පසුගියදා ප්‍රහාර එල්ල කළා. ඉරානයේ සන්නද්ධ කණ්ඩායම්වලින් දිගින් දිගටම ප්‍රහාර එල්ලවුවහොත් එක්සත් ජනපදය මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවටයි ජෝ බයිඩන් අනතුරු අගවන්නේ. හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ ලෙබනනයේ හිස්බුල්ල යන කණ්ඩායම් සියල්ලටම ඉරානයේ සහය ලැබෙන බවටයි අමෙරිකාව චෝදනා කර සිටියේ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද පැවැත්වෙනවා. එහිදි දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මෙම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් සත්කාරක ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවන අතර දෙවන සහ තෙවන ස්ථානයන්හි පිළිවෙලින් පසුවන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි. මේ අතර ඊයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස පිළිතුරු…
එළඹෙන වසරේ ජනවාරි මාසය තුළදී සියලුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය මගින් වරිපනම් බදු ඇතු`ඵ සියලුම බදු වර්ග ගෙවීමට හැකි පරිදි නව තාක්ෂණය මගින් කටයුතු කිරීමට හැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. මෙහි අරමුණ වී ඇත්තේ රට තුළ බදු ආදායම වැඩිකර ගැනීම සහ ජනතාවට ඉතාමත් පහසුවෙන් වාර්ෂිකව බදු මුදල් ගෙවීමට හැකි වන පරිදි කටයුතු කිරීම බටටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීම සදහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වන විට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කළේ විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස්කර ගැනීම සදහා එහි සැපයුම්කරුවන් සමග තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළ කළා.
කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 5 ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ. අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති 2024 වසරට අදාළ නව අයවැය හිමිවීමත් සමඟ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222