- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මෙරට කර්මාන්ත නගා සිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සදහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කම්කරු අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ. කර්මාන්ත සංවර්ධනය සදහා වන ජාතික ප්‍රතිපත්තියක් ද සකස් කර තිබෙනවා. එය මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා යොමු කර ඇති බවයි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කළේ. ආර්ථික ස්ථායිකරණය වර්ධනය කිරීම මෙහි මුලික අරමුණ වී තිබෙනවා.
කසකස්තානයේ පතලක ඇතිවු ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නෙන් පුද්ගලයින් 32 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කසකස්තානයේ ප්‍රධාන පෙළේ වානේ නිෂ්පාදන පතලක මෙම ගින්න හටගෙන තිබුණා.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සිදුකරන ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිගය ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී මැදිවත්ත මහතා පැවසුවේ අදාළ ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු විසදුමක් ලබා දී නොමැති බවයි.
ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදා ගනිමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ඊයේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ගාසා තීරයට එල්ල වු දරුණුතම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ ඉදිරියේදී ගොඩබිම් මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන බවයි. මේ වන විට ගාසා තීරයේ දුරකතන සහ අන්තර්ජාල සබදතා සම්පුර්ණයෙන් බිද වැටී තිබෙනවා.
සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ලබා දී ඇති සුරාබදු බලපත්‍ර සමාලෝචනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය ඉහළයාම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කෙරෙන බව ද කපිල කුමාරසිංහ මහතා සදහන් කළා.
බදු නොගෙවන ව්‍යාපාරිකයන් මෙන් ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම තොරතුරු පද්ධතිය “රැම්ස්” ලෙස නම් කර තිබෙන බව සදහන්. බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදුවන ආයතන ගණනාවක් මෙම “රැම්ස්” පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතා සදහන් කලේ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා. ඒ නවසීලන්ත කණ්ඩායම සමග අද ධර්ම්ශාලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කන්ඩායම පන්දුවාර 49.2කදී සියලුම දෙනා දැවී ලකුණු 388ක් රැස් කර ගැනීමට සමත් වූවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 109ක් පන්දු 67කදී ලබාගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර හතක් අන්තර්ගත කෙරුණා. ඩේවිඩ් වෝර්නර් ලකුණු 81ක්ද ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 41ක්ද ලබාගැනීමට සමත් වූවා. Josh Inglis ලකුණු 38කුත් Pat Cummins ලකුණු 37කුත්…
ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුමේ දී මියගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත දේහය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබෙනවා. 49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ එකම නිවසක දස වසරකට ආසන්න කාලයක් සාත්තු සේවිකාවක ලෙස සේවය කර තිබෙනවා. ඇයගේ මෘත දේහය අද (28) දින උදෑසන 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබුණා. මෙම මෘත දේහය භාර ගැනීම සදහා අනුලා ජයතිලක මහත්මියගේ ස්වාමිපුරුෂයා, දුව, පුතා සහ තවත් ඥාතීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්ඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලී ට ඇප ලබා තිබෙනවා. ධානිස් අලි ඊයේ(27) දිනයේ අත්අඩංගුවට ගැනුණේ කොටුව පොලිසිය විසින්.
එළු මස් සහ ඌරු මස් ලෙස පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ඝාතකාගාර වෙත ප්‍රවාහනය කරමින් තිබු බළලුන් 1,000ක් මුදා හැරීමට චීන පොලිසිය කටයුතු කර තිබෙනවා. සත්ව ක්‍රියාකාරීන්ගෙන් ලැබුණු තොරතුරාක් මත චීන පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර බළලුන් මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. මෙම බළලුන් නැඟෙනහිර චීනයේ ජියැං සූ ප්‍රාන්තය වෙත ප්‍රවාහනය කරන්නට ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222