Author: Anura Premakumara

හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කිසියම් පිරිසක් විසින් පහරදී වේල්ලකින් තල්ලු කිරීමෙන් හේතුවෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් පමණ වූ හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි හඟුරන්කෙත පොලිසිය පවසන්නේ. මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු හේවාහැට නගරයේදී ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. එහිදී අනෙක් පුද්ගලයා විසින් මරණකරුට පහරදී බැම්මකින් පහළට තල්ලු කර ඇති බවයි දැනට සිදු කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී සිදු කෙරුණා. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර හඟුරන්කෙත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

මධ්‍යඹ කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. අද(15) දින වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හයක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතක් දක්වා ආසන්න වී ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ. ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමගින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ජල විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියා සිටියේ.

තව කියවන්​න

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවටම විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය අමතමින් මේ බව අද(15) කියා සිටියා. හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු හොඳ දේශපාලනඥයෙක් වගේම හොඳ මිතුරෙක් බවයි.

තව කියවන්​න

දුර්වල අකාර්යක්ෂම අදක්ෂ ආණ්ඩුවක් ඇති බවත් දිනපතාම රට පුරා වෙඩි තැබීම් සිදුවන බවත් දිනපතාම මිනිස් ඝාතන සිදුවන බවත් රටේ නිතිය හා සාමය මහජන ආරක්ෂාව තහවුරු නොවන බවත් මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය ගෙන ඇති බවත් රජයට මේවා පාලනය කරන්න කිසිදු වැඩපිළිවෙළක් විධිමත් සැලසුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනිමරුවන්ගේ අතට මෙන්ම දේශපාලනික වශයෙන් තමන්ගේ අතට ගැනීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ. යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බවත් කිසිදු දිනක මෙවැනි දෙයක් සිදුව නොමැති බවත් සජිත්…

තව කියවන්​න

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 17 වන දා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ මහතාගේ නෙිවසේ දේහය අද(15) රාත්‍රීයේ සිට මහජන ගෞරවය පිණිස තැන්පත් කර තිබෙන බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ. මහනුවර නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ඇත්තේ 17 වනදා පස්වරු පහට පමණයි. ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලදී අභාවප්‍රාප්ත වුණා. ඒ දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

තව කියවන්​න

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. 1968 ජුනි මස 22 වන දින උපන් රත්වත්තේ මහතා මියයන විට වයස අවුරුදු 57ක්. 2009 වසරේ මධ්‍යම පලාත් සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනය පිවිසි ලොහාන් රත්වත්තේ මහතා 2010 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ මහතා සහ කාමන් රත්වත්තේ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා වූ ලොහාන් රත්වත්තේ මහතාට තවත් සහෝදරයෙක්ද වනවා. පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස 2012 වර්ෂයේදී…

තව කියවන්​න

මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ පතොරම් සමග සැකකරුවෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි කියා සිටියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලදාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ රෝහල ආසන්නයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි. එහිදී ටී 56 ගිනි අවියක්, එම මැගසින් එකක් සහ පතොරම් 13ක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව පිස්තෝල අවියක් සහ එම මැගසින් එකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එසේම 2.5mm පතොරම් 9ක් සහ 9mm පතොරම් 9ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එසේම පිස්තෝල සහ රිවෝල්වර වර්ගයේ ගිනි අවි ආකෘති දෙකක් කඩු තුනක් සහ කිනිසි දෙකක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස…

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ සහ උතුරු පලාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

තව කියවන්​න

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Jyoti සහ INS Rana යන නෞකා කොළම වරායට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදාව කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 12 වන වරටත් පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX-25) සඳහා සහභාගී වීම සඳහා එම නෞකා දිවයිනට පැමිණි බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස කොළඹ වරායට පැමිනි Tanker වර්ගයට අයත් INS Jyoti නෞකාව දිගින් මීටර් 180.16ක් හා නැව් මුළුව 200කගෙන් සමන්විත වනවා. නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් Chetan R Upadhyay කටයුතු කරනු ලබනවා. Destroyer වර්ගයට අයත් INS Rana නෞකාව දිගින් මීටර් 147ක්…

තව කියවන්​න

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස් පන් දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(14) සවස නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබාදෙන බව පොරොන්දුවී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබාගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය 07 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා ඒ අනුව කාර්යාංශය විමර්ශන දියත්…

තව කියවන්​න