- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
සැකකටයුතු ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැල්ලවත්ත පොලිසිය පවසනවා. සර්වානන්දා තිරුසාන්ත් නමැති මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වූ යාපනයේ පදිංචිකරුවෙක් බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වැල්ලවත්ත පොලිසිය අමතා අද (05) උදෑසන තොරතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මියගොස් සිටි පුද්ගලයාගේ සිරුරේ රතු පැහැ තැළුම් සලකුණු දක්නා ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිත බවත්ය.
නේපාලයේ භූමිකම්පාවෙන් දිවිගලවාගත් පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකව තිබෙනවා. මෙම භූකම්පනයෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වසර 8කට පසු නේපාලයේ ඇති වු දරුණුතම භූකම්පනය මෙය බවයි එරට ආපදා අංශ ප්‍රකාශ කලේ. රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම 4ක් ලෙස නේපාල ජාතික භූකම්පන මධ්‍යස්ථානය සටහන් කළ භූමිකම්පාවේ ප්‍රබලත්වය ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව රිච්ටර් පරිමාණ ඒකක 5යි දශම 6ක් ලෙස සටහන්ව තිබෙනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට ජනතාවගෙන් බදු අය කිරීම නිෂ්පල ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාරිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ජිවන වියදම අධික වීමට විරෝධය පල කරමින් ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ. හාවකාලිකව නතර කර ඇති ණය වාරික ගෙවීම් නැවත ආරම්භ කිරීමට සිදු වූ විට ජනතාව තවත් අපහසුතාවයට පත් වනු ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට ජිවත්වන ශ්‍රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. නේපාලය තුල ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශයේ රැඳී සිටින බවයි තානාපතිවරයා සදහන් කලේ. කෙසේවෙතත් මේ වනවිට අදාළ භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ ශ්‍රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය කියා සිටියා. බටහිර නේපාලයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා…
රටක ව්‍යවස්ථාව සහ විධායකය අකර්මන්‍ය වූ විට ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. සම්මත කරගනු ලැබූ දුෂණ විරෝධී පනත ඉතා කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙහිදී උත්සව සභාව අමතමින් අගවිනිසුරු ජයන්න්ත ජයසුරිය මහතා ද මෙලෙස අදහස් පල කළා.
රුපියල් මිලියන 165,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන නොවැම්බර් මස 8 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 70,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 65,000 ක බිල්පත් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම, දින 364කින් කල් පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතයි.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින් ඉහළ දමන බවයි . ඒ අනුව එහි නව මිල රුපියල් 3,565 ක් වනවා. කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ඉහල ගොස් ඇති අතර , එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,431 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 668 ක් බව එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා ප්‍රකාශ කළා. මේ අතර එළඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට සැලකිය යුතු ලෙස ගෑස්…
වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරමින් එල්ල වී ඇති මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. මෙම සිද්ධිය මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සිදු වූවක් ද නැති නම් ඒ අසල අටවා තිබූ බෝම්බයකින් සිදු වූවක් ද යන්න පිලිබඳ මෙතෙක් තහවුරු වී නැති බවයි පාකිස්තානු පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.
ආපන ශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් වැඩිකරන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කලේ ජල සහ විදුලි බිල මෙන්ම අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස ආහාර පාන මිල ගණන් ඉහල දමන බවයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලද සංශෝදනය කර තිබෙනවා.
වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා. එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275 ක් වනවා . පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රැමයක් රුපියල් 330 කට අළෙවි කළ යුතුයි . පැකට් කල සුදු සිනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 295 ක් . පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 350…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222