Author: Anura Premakumara

අප රටේ බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහි දී අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහැර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුවයි. මෙරට බුද්ධශාසන අමාත්‍යාංශයත් බුද්ධශාසන අරමුදලත් ඇති කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් ඒ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අදත් ඉදිරියේදීත් නිරතුරුවම කැපවෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ. අප…

තව කියවන්​න

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වත්තල, බංගලාවත්ත ප්‍රදේශ සිදු කරන ලද වැටලීමකදියි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන, අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදු කර තිබෙනවා. වැටලීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 309කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ. සැකකරුවන් විසින් කුලියට ගත් නිවසක කාමරයක සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 49ක් වන දෙදෙනෙකි. පොලිසිය කියා සිටියේ සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්…

තව කියවන්​න

ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි. එම සටහනට අනුව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෘත්තීමය සගයෙකුගේ අහිමිවීමකට වඩා මිතුරෙකුගේ වියෝජව තමා වේදානවට පත් කරන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තබන ලද සටන පහතින් දැක්වේ. “හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව අසා මම බෙහෙවින් සංවේගයට පත් වූයෙමි. වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අපව වේදනාවට පත් කරයි. ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව…

තව කියවන්​න

විෂමාචාර චෝදනා මත තවත් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අධිකරණ සේවා කොමිසන් සභාව විසින්. ඒ අනුව මේ වන විට වැඩ තහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව දහයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම අකාර්යක්ෂම කාර්ය සාධානය පිළිබඳ චෝදනා මත ගම්පහ ප්‍රදේශයේ සේවය කරන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකුටද විශ්‍රාම යාමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. අධිකරණ සේවා කොමිසන් සභාව දැනටමත් ඔහුගේ විශ්‍රාම වැටුප් පත්‍රිකාව යවා ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පොල් ගෙඩියක් හිසමතට වැටීමෙන් වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. අනතුරෙන් තුවාල ලැබූ දරුවා පළමුව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දරුවා එම අනතුරට මුහුණ දී ඇත්තේ තම දෙමාපියන්ගේ සේවා ස්ථානයට ගොස් සිටි අවස්ථාවේදීයි. මියගිය දරුවාගේ දෙමාපියන් වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පොල් මට්ටා කැබලි කරන නිවසක සේවය කරන බවයි වාර්තා වන්නේ. සිදු වූ අනතුරත් සමගින් සිහිසුන් වූ දරුවා මාරවිල රෝහලට රැගෙන ගියමුත් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික…

තව කියවන්​න

වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් උත්ශ්‍රේණි ගත කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. පළමුව රෝහල් නාම පුවරුව විවෘත කළ අමාත්‍යවරුන්…

තව කියවන්​න

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට(17) දින සිට තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා නිවේදනය කරන්නේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිගෙන තිබෙනවා. දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේදී මෙම බස් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. මාකුඹුරේ සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ අධිසුඛෝපභෝගි බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හේතුවෙන් බස් රථය වටෙන් දැඩි දුමාරයක් නගිමින් පැවැති බවත් බස් රථයේ සිටින මගින් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින ආකාරයත් දක්නට ලැබෙනවා. මෙම බස් රථය මාකුඹුර – ගාල්ල අතර ධාවනය වන බස් රථයක් බවත් බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවත් වාර්තා වනවා.

තව කියවන්​න

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ ගිංතොට දුම්රිය ස්ථානයේදීයි. මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය මාර්ගයටද අනතුරෙන් විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුළු සියලුම වාහනවල රියදුන්ගේ විඩාව නිවාගෙන මානසික තත්ත්වය යහපත් මට්ටමෙන් පවත්වාගෙන රිය ධාවනය කිරීමට නියමු ව්‍යාපෘතියක් ඊයේ(15) දින රාත්‍රී වටවල පොලිසිය ඉදිරිපිටදී සිදු කර තිබෙනවා. වටවල පොලිස්යේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්ද ගමගේ මහතා ඇතුළු වටවල පොලිසියේ සියලුම නිලධාරීන් එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී පොලිසිය ඉදිරිපිටින් ධාවනය වන වාහන නතර කර එම වාහනයේ රියදුරා, කොන්දොස්තරවරයා සහ මගීන් කැඳවා තේ පැන් සංග්‍රහයක් ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ. එසේම රියදුන්ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක තබා ගැනීමට තේ පැන් සංග්‍රහය භුක්තිවිඳින තෙක් හාස්‍ය රසය උපදවන කෙටි වීඩියෝ…

තව කියවන්​න