- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මාරවිල – උතුරු මුහුදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වර්තවනවා. පොලිසිය සඳහන් කලේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීමට අමතරව තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවයි. වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. එමෙන්ම මාරවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් රෝහල් ගත කර තිබුනවා. මාදැලකින් මාලු මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මම තත්වය හටගෙන තිබෙනවා.
ඉන්දියාවේ කඩාවැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.සිල්ක්යාරා සිට උත්තරා කාන්ද්හි දන්ඩාල්ගොන් සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන කිලෝමීටර හතරහමාරක දිගකින් යුත් උමං මාර්ගයක කොටසක් මෙලෙස කඩාවැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. අද අලුයම එම උමං මාර්ගයේ මීටර 150 ක පමණ කොටසක් කඩාවැටීමෙන් ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි කම්කරුවන් පිරිසක් එහි සිරවී සිටිනවා. ඒ අනුවයි ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිට සිදුකරමින් පවතින්නේ.
වෙළඳපොළ තුල දෙහි සහ ඉඟුරු මිල ඉහළ අගයක් ගෙන ඇතැයි වාර්තවනවා. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන දෙහි කිලෝවක මිල රුපියල් 2,800 පමණ වන බව සඳහන්. එමෙන්ම ඉඟුරු කිලෝවක මිලද රුපියල් 3,000ක් පමණ අගයක් ගෙන් ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක උරුම ලැයිස්තුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය ඉවත් වීමේ අවදානමක් පවතින බව මාතලේ දිස්ත්‍රික් පරිසරවේදීන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ රක්ෂිත වනාන්තරයේ පාරිසරික සංවේදී කලාපය හරහා අධි බලැති විදුලි රැහන් ඇදීම ඊට හේතුවී ඇති බවයි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති පරිසර කමිටුවේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේන් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්වය හැටෙන ඇති බවයි. එය රික්ටර් මාපකයේ 3.4ක අගයක් ගෙන ඇති බව සඳහන්.
රඹුක්කන, බොලගම පාලම අසල මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් ව ඇතැයි වර්තවනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයකු බව සඳහන්. අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකුද වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ දෙමටගොඩ වේළුවන පාරේ පිහිටි නිවසකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. පෙට්‍රල් බෝම්බ තුනක් නිවසට එල්ල කර ඇති අතර පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බවත් අනෙක් බෝම්බය වත්ත තුළට එල්ල වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ගේට්ටුවට එල්ල කරන ලද බෝම්බ දෙකෙන් එක් බෝම්බයක් පිපිරී නොමැති බවත් අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇති බවත්ය. කෙසේ වෙතත් බෝම්බය පිපුරුණ විගස එහි සිටි පිරිස වතුර දමා නිවා ඇති බවද…
ඕමානයේ පැවති ලෝක ආධුනික විවෘත චෙස් ශූරතා තරගාවලියේ දී ජාත්‍යන්තර වර්ගීකරණය අනුව 2,000 න් පහළ කාණ්ඩයේ කාන්තා අංශයේ දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනාගත් දෙසදි දිහංසා ගමගේ අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලිය වාර්ෂිකව පවත්වනු ලබන අතර, මෙවර තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 11 වනදා දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වුණා. දෙසදි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර ඉකුත් 2017 වසරෙන් වසර 06 කට පසුව මෙවැනි චෙස් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වී සිටිනවා. ඇය 12 වනදා අලුයම 04.20 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ…
හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටි අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර දික්ඔය ඇළෙහි තිබි අද (12) දහවල් සොයාගත් බව හැටන් පොලිසිය පවසනවා. මෙලෙස දික්ඔය ඇළට වැටී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි. ජිවිතක්ෂයට පත් එක්දරු පියා ඊයේ (11) දින පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිය නිවස කරා බස් රථයකින් ගමන් කර, බස් රථයෙන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග සිටියදි ජල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටි අතුරුදහන්ව සිටියා. අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර සොයා අද…
ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා සහ දුෂණ වලට එරෙහිව සිදු කරන සටන අමාත්‍ය ධුරය නොමැතිව වුවත් තමන් අත් නොහරින බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් .මෙම ගැටලුව මේ වන විට නාට්‍යක් බවට පත්වී අවසන් බවද ඔහු තවදුරටත් කියා සිටියා . කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කලේ කිසිදු මුල්‍ය වංචාවක් තම පාලනය යටතේ සිදුව නොමැති බවයි . සභාපතිවරයා ඊයේ ක්‍රිකට් ආයතනේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළා . මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222