- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය ගැඹුරු මුහුදේ භූමි කම්පාවක් හට ගෙන තිබෙනවා. මෙම භූමි කම්පාව අද දහවල් 12.30 ට පමණ හට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙම භූමි කම්පාව මුහුදේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බව ද වාර්තා වනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගලේපොල මහතාද ඉවත්ව තිබෙනවා. අදාළ නඩුවෙන් පළමුවෙන්ම අද (14) ඉවත් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතායි. සභාපති විනිසුරුවරයා එලෙස ඉවත්වීමෙන් පසුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් මාරු කරනු ලැබුවා. එලෙස මාරු කළ අවස්ථාවේදී විනිසුරු ධම්මික ගනේපොල මහතාද පෞද්ගලික හේතුවක් සඳහන් කරමින් පෙත්සම් විභාගයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන ලද ස්ට්‍රෝබෙරි වගා කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යන වෙළෙඳපලක් සහිත ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරක් වනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය ප්‍රදේශයේ හෙක්ටයාරයක ඉඩමක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට එකඟත්වය පළ කර ඇති බව සදහන්. නව තාක්ෂණය යොදා ගනිමින් ස්ට්‍රෝබෙරි වගාව සිදු කළහොත් වසරකට හෙක්ටයාරයකින් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 17,600 ක ආදායමක් උපයා ගැනිමට හැකි බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…
මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් හිමි නොවූ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. රටේ ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මහ බැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා ගණනකදී ඉල්ලීම් කර ඇති බවයි ඔවුන් සඳහන් කර සිටියේ. ඒ අනුව මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. වසර හතරකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයින් මෙන්ම වාහන ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර මේ හේතුවෙන් ලක්ෂ හතරකට අධික පිරිසකට රැකියා අහිමි වී ඇති බව ද එම සංගමය…
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වී තිබෙනවා. මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනු කළ මෝසම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් ක`ඵආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවයි. ඒ අනුව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සදහන් කළේ පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන්…
ඉදිරිපත් කරන ලද අයවැය තුළින් පෙන්වන්නේ මැතිවරණය මූලික කරගනිමින් නිර්මාණය කරන ලද අයවැයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා පවසනවා. කොළඹ කුලී නිවාසලාභීන්ගෙන් ලබා ගන්නා මුදල් කප්පාදු කිරීම සහ ඔවුන්ටම එහි හිමිකාරිත්වය පැවරීම යන කරුණු මත ඒ බව තහවුරු වන බවටයි ඒ මහතා අද දින වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා. මේ අතර 2024 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාව පවසන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළින් ජනතාවට කිසිදු සහනයක් සලසා නොමැති බවයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදී ආරම්භ වුණා. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා. විවාදය අද සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 6 ට පැවැත්වෙනවා. එමෙන්ම අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 6 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා. අයවැය…
ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක සිට විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවයි අදාළ නිවේදනයෙන් ඔහු පවසන්නේ. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමා ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් එය විශ්වාස කිරීමට තමන්ට සිදු වූ බවයි. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා. ඒ් ඉදිරි වසර පහක කාලයේදී මෙරට සෞඛ්‍ය අංශයට සහය ලබාදිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි. මේ අතර ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිස මාලිගාවත්තේ පිහිටි සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකටද ඊයේ(14) එක්ව තිබෙනවා. එම නිරීක්ෂන චාරිකාවේ අරමුණ වී ඇත්තේ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේදී ඒය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කර ගැනීමයි. මෙම කණ්ඩායමට සෞඛ්‍ය විශේෂඥයන්ට අමතරව ආර්ථික විද්‍යාඥයින් පිරිසක්ද එක්ව සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222