Author: Anura Premakumara

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එසේම ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළඟ සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ…

තව කියවන්​න

රාජපක්ෂ පාලන සමයේ පාතාල නායකයින් රට අතහැර පලා ගිය බවත් එම කාලයේ පාතාල ක්‍රියාකාරකම් නතරව තිබූ බවත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර මහතා මෙම අදහස් පළකර සිටියා. පාතාලය මේවන විට නිවෙස් ඉදිරිපිටට, පොලිසි ඉදිරිපිට පැමිණ වෙඩි තබා යන තත්ත්වයට පත්ව ඇති බවත් පාතලය මේ තත්ත්වයට පත්විමේ වගකීම ආණ්ඩුව ගතයුතු බව සාගර මහතා පවසනවා. පාතලය මෙහෙයවපු කට්ටිය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් කරනවා. රාජපක්ෂවරුන්ගේ කාලේ තමයි පාතාල නායකයෝ මේ රට අතහැරලා පැනලා ගියේ. රාජපක්ෂ කාලේ තමයි ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නතර වුණේ. රටේ ජනතාව මැරිලා ඉපදුනේ නැහැ. රටේ ජනතාව දන්නවා රාපක්ෂවරුන්ගේ…

තව කියවන්​න

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ ශී% ලංකා හරිත සංවිධානයේ නියෝජනය කරන සංඛ වන්දිම අබේවර්ධන මහතා විසින්. බලශක්ති අමාත්‍යවරයා පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදුකරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරීමේදී ගත් යම් යම් තීරණ හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇතැයිද මේ සම්බන්ධවද විමර්ශනය කරන ලෙස ඉල්ලා හරිත සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවා.

තව කියවන්​න

කඩවත්රැඹෑව , ලුණුපැහිච්චාව, පරණහල්මිලලෑව, ඇතුලු ගම්මාන රැසක දුවා දරුවන්ට වසර 61 ක් මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දුන් කඩවත්රැඹෑව විදුහල මීට වසර දෙකකට පෙර එවක සිටි බලධාරින් වසා දැමීමට කටයුතු කළේ සිරගෙවල් 1000ක් නැවත විවෘත කරමින් බව ගම්වාසීහු කියති. පාසලක් ඉදිවෙද්දි සිරගෙවල් දහසක් වැසෙනවා යන වැකිය උඩු යටිකුරු කරමින් අධ්‍යාපන බලධාරින් මෙන්ම පවතින සහ පැවැති රජයන් මෙරට නිදහස් අධ්‍යාපනයට අමු අමුවේ පහර ගසමින් අධ්‍යාපනය පෞද්ගලික කරණය කරමින් සිටින බවද ඔවුන් සඳහන් කළේය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලබල ප්‍රදේශයේ අංක 52 තුලානේ කඩවත්රැඹෑව පාසල පිහිටා ඇත. වර්ෂ 1962 මාර්තු මස 01වන දින ආරම්භ වූ මෙම පාසලේ ආරම්භක විදුහල්පති ලෙස එස් .සෙනවිරත්න මහතා දීප්තිමත්…

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එසේම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවදුරටත් එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවක් සම්බන්ධ සිදුවීමකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඊට අදාළ නඩුව මහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(18) විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

තව කියවන්​න

සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට සෙවනගල පොලිසිය පවසනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වූ සෙවනගල මහගම ජනපදයේ පදිංචිකරුවෙක්. ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ තවත් අයෙක් හබුරුගල බෝධිරාජ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇති බවයි පොලිසිය කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ. මෘතදේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

හලාවත, කරවිට වැවෙහි මසුන් ඇල්ලීමට තෙප්පමකින් ගමන් ගත් පුද්ගලයෙක් අතුරුදන්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කරවිට වැවේ මසුන් ඇල්ලීම සඳහා තෙප්පමකින් ගිය පුද්ගලයා තෙප්පම පෙරළී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි. මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන මුන්ගන්දළුව, ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ. අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීමට හලාවත පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා.

තව කියවන්​න

උඩවලව, නෙරළුවකන්ද ප්‍රදේශයේ කඳු රක්ෂිතයේ ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ උඩවලව පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. ගින්නෙන් ජීවිත හා දේපල හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය කියා සිටියේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ඊයේ(17) අලුයම් කාලයේදී හබරණ, හුරුළු රක්ෂිතයේ තලපතකන්ද කැලෑ ප්‍රදේශයක හටගත් ගින්නෙන් අක්කර 80ක් 100ක් අතර භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. හබරණ පොලිසියේ නිලධාරීන්, අඩවි වන කාර්යාලයේ නිලධාරීන්, වන ජීවි නිලධාරීන්,…

තව කියවන්​න

මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි. අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ කාන්තාවන් දස දෙනෙක් පිරිමි පුද්ගලයන් හත් දෙනෙක් සහ ළමුන් පස් දෙනෙක් ඇතුළු පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම්හි පදිංචිව සිටි වයස අවුරුදු 38ක්…

තව කියවන්​න