- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා. ඒ මෙතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර 50 එක්දින ලෝක කුසලානය දිනාගත්තේ හය වන වරටයි. ඔවුන් මින් පෙර 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා. මෙවර අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කළා. ඒ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා. පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක්…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවේ කේ.එල්. රාහුල්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක්. ඒ පන්දු 107කදී එක් හතරේ පහරක් සමගින්. විරාට් කෝලි ලකුණු 54කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වූවා. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණයි. සූර්යකුමාර් යාදෙව් ලකුණු 18කටත් කුල්දිප් යාදෙව් ලකුණු 10කටත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා කර ඇති ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන්, පවතින අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින අශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙනු ඇති. මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹට ඇඳහැලෙන ධාරානිපාත වාර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබුණා. ආමර්වීදිය, තුම්මුල්ල හන්දිය සහ කිරුළපන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී තිබු බවයි අප වාර්තාකරු සදහන් කළේ. මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල වැලිමඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඊයේ ත්‍රියේදී එම මාර්ගයේ පුහුල්පොල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටී…
ඊශ්‍රායලය ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගාසා තීරයේ උතුරේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන අල්-ෆකුරා පාසලටයි මෙලෙස බොම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ජබාලියා කඳවුර ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන වනවා. එමෙන්ම බොහෝ රෝගීන් ඇතුළු සිය ගණනක් ගාසා නගරයේ ප්‍රධාන රෝහල වන අල්ෂිෆා වෙතින් පිටව ගොස් තිබෙනවා.
පෑලියගොඩ අවට ප්‍රදේශ රැසක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. අද පෙරවරු 08.30 සිට රාත්‍රි 08.30 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති. සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි බිද වැටීමක් මත බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීම හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදුවන්නේ. අදාළ කාලය තුළ පෑලියගොඩ , වත්තල , ජා ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම කැළණිය , වත්තල , බියගම , මහර , දොම්පෙ , කටාන සහ මිනුවන්ගොඩඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා. ඒ අනුව පළමුව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ. තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 අවසන් මහා තරගයට සහභාගි වන ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පහත පරිදි වේ. Australia: 1 Travis Head, 2 David Warner, 3 Mitch Marsh, 4 Steven Smith, 5 Marnus Labuschagne, 6 Glenn Maxwell, 7 Josh Inglis (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Adam Zampa, 11 Josh Hazlewood India: 1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat…
පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරුණු දක්වා ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් කර ඇති බවයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා . 13 වන ලෝක ශුරයින් තෝරා ගැනීමේ මෙම අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු දෙකටයි . ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනු ඇති . 8 වැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඉන්දියාව මෙවර අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ සිව්වැනි වරටයි. මීට පෙර ඔවුන් 1983 සහ 2011 යන වසරවලදී ලෝක ශුරතාවය හිමි කර ගැනීමට සමත්වුණා .…
දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සදහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවැති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ගෝලීය ආර්ථිකය ආසියාව දෙසට විතැන්වීම පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉදිරිපත් කළා. එමෙන්ම කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද ජනාධිපතිවරයා විසින් මෙහිදී යෝජනා කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222