Author: Anura Premakumara

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. කාරක සභා අවස්ථාවේ පළමු දිනය වු ඊයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට විවාදයට ගනු ලැබුවා. කාරක සභා අවස්ථා විවාදයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් හිමිවු අතර විපක්ෂව හිමිවුයේ ඡන්ද 03ක් පමණයි. අයවැය මගින් හිටපු ජනාධිපතිවරුන් සදහා මුදල් වෙන් කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විරෝධය පලකළා.

තව කියවන්​න

රටේ ආර්ථික අර්බුදය විසදිය හැකිවන්නේ දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා. පවතින ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසදුම් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළා. සුබ සාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටුකර ගැනීමට අවශ්‍ය බවයි අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ. ඊට අවශ්‍ය වැඩපිළිවෙල මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කළා.

තව කියවන්​න

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාළ ගෙවීම් සදහා රුපියල් මිලියන 8,571ක් බැංකු වෙත ලබා දී ඇති බවයි. එමෙන්ම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වු පසු තෝරාගත් පුද්ගලයින්ට ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක රජය සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්‍රමය හේතුවෙන් එම වගාවට පහළින් පිහිටි වගා බිම් රැසක් පස් කඳු කඩා වැටීමෙන් හා කාණු පද්ධති නිසි පරිදි යොදා නොමැති බැවින් කානු උතුරා යාමෙන් දැඩි ලෙස විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසී මෙලෙසින් කියා සිටියා. “අපි බෝගයක් වවන්නේ අපා දුක් විදලා… ගෙදර ගෑනු දරුවන්ගේ කණකර උගස් තියලා… එහෙම තත්ත්වයකදි මෙහෙම විපතක් තනි මනුස්සයෙක් කරනවා කියන්නේ මහ ලොකු අපරාධයක්… මේ මිනිහගෙන් පුදුම කරදරයක් අපිට රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන තමිය මෙයා මේ වගා කරන්නේ… ජනාධිපතිවරයාටත් දිස්ත්‍රික් සංවර්ධන…

තව කියවන්​න

කැනඩාව ඇතුළු විදෙස් රටවලට පුද්ගලයින් යවන බවට පවසා මුදල් ලබාගෙන මූල්‍ය වංචා කළ කිතුණු පූජකවරයෙකු 21 වනදා අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වවුනියාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු කැනඩාව ඇතුළු විදේශ රටවලට පුද්ගලයින් යවන බවට පවසා පුද්ගලයින් රැසකගෙන් මුදල් ලබාගෙන අදාළ පුද්ගලයින් විදේශගත නොකොට මුදල් ගැරීමේ ජාවාරමක් සිදුකොට ඇති බවයි. සැකකාර පූජකවරයා රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචා කොට ඇති බවට මුලිකව අනාවරණය වි ඇති බවද පොලිසිය පවසනවා. සැකකරු මුලතිව් ප්‍රදේශයේ දේවස්ථානක පූජකවරයෙකු ලෙස කටයුතු කොට ඇති අතර, සැකකරු වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් රවටා මුල්‍ය…

තව කියවන්​න

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙරට විශ්වවිද්‍යාලයක බාහිර උපාධි අපේක්ෂකයකු බවයි පොලිසිය පවසන්නේ. පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම වඩුවේගම ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මුද්‍රණය කර ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 63ක් සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා. මෙම පුද්ගලයා ව්‍යාජ නෝට්ටු බියගම පිහිටි වෙළඳ සැල් දෙකකටද ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති ඇති අතර එම නෝට්ටු දෙකද සොයාගත් බව පොලීසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මෙම නොට්ටු…

තව කියවන්​න

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා මසා නිම කළ ටී – ෂර්ට් සහ කමිස තොගයක් සොරාගත්, එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා ඇතුළු තිදෙනකු, එසේ සොරා ගත් ඇඟලුම් සමග අද(22) දින කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බව එම පොලිසියේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා. ඉකුත් 20 දින රාත්‍රී මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා, තවත් ඔහුගේ සහයන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කර්මාන්ත ශාලාවේ ගබඩාවේ පිටුපස කවුළුවක් බිඳ මෙම ඇඟලුම් සොරා ගෙන තිබෙනවා. පසුව එසේ සොරකම් කළ ඇඟලුම් තොගය මෝටර් රථයක් මගින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන්…

තව කියවන්​න

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්. මෙම සැකකරු රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 11 වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. කෙසේ වෙතත් එම සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු අවහිර වී මෙම මරණය සිදුව ඇති බවයි. මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරින් විසින් වරදක් සිදුකර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

තව කියවන්​න

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් හෙට සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාලව රුපියල් මිලියන 8571 ක මුදලක් අස්වැසුම ගෙවීම් සදහා බැංකු වෙත ලබා දී ඇති බවයි. එමෙන්ම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් පෙර පාසලට ඇතුලත් කිරීම අනිවාර්්‍ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

තව කියවන්​න